(එම කාරණා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ගොනුවී ඇති හේතුමත අපහාස සිදුවනවා යයි කියන අයගේ නම පහත සටහනින් ඉවත්කර ඇති බව සලකන්න.) ඔබේ විමසුම පිණිස පහත පළවන්නේ එකී සම්පූර්ණ සාකච්ඡාවය.
ඇමරිකාවේ ලාස් වේගාස් නුවරදී අවසන් වුණා ලෝක විවාහක රූ රැජින තරඟවාලිය. අපි බොහොමත්ම බලපොරොත්තු තබා හිටියා මේ රූ රැජින කිරුළ පිළිබඳව.මේ රූ රැජින කිරුළෙන් අපට හමුබ වුණේ සිව්වන ස්ථානය. පුෂ්පිකා ද සිල්වා අද මා සමඟ සිටින්නෙ.අපි හිතුවා ඔබ කිරුළ ලංකාවට අරන් ඒවී කියලා?
ඇත්තටම මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි මට ආරධනා කරපු එකට . මම මේ හතරවැනි වතාවට තමයි මගේ රට නියෝජනය කරන්න ගියේ. ගොඩක් අභියෝග මැද්දේ ගියේ. අවසන් හයදෙනාට අතරට තමයි මට තේරී පත් වෙන්න අවසථාව උදා වුනේ.
මෙතන එහෙම නම් ඇයි පුෂ්පිකා තනිකරම බොරුවක් කලා , ලොකේම ඇන්ඳුවා. හතරවැනි ස්ථානයට පත්වුනා කියලා ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම නම් ඔබ ෆෙස්බුක් එකේ එහෙම දැම්මේ?
ඒක ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. මගේ ජිවිතේ මම ගොඩක් ගරු කරපු කෙනෙකු තමයි X . මම ගරු කරපු චරිතයක් හැටියට අවසාන දවස් දෙකේදී ඒ කියන්නේ ජනවාරි 13 වැනිදා තමයි ඇය අපට සහයෝගය දක්වන්න කියලා ආවේ.
ඇත්තටම ඇයි ඇය ගියේ ?ඇයට මොකද්ද තිබුණ ආරධනාව?
ඇත්තටම ඇයට ආරධනා කරලා තිබුණෙ නැහැ.
එතකොට කවුද අරගෙන ගියේ ඇයව?කවුද ඇයගේ වියදම් දැරුවේ?
වියදම් දැරුවේ ඇත්තටම මම. මගේ පුද්ගලික සල්ලි වලින් මම Business Class ticket එකක් ලක්ෂ 12ක් දීලා තමයි මම ඇයට අරන් දුන්නේ.
එතකොට ඇය හිටිය හෝටල් ගාස්තු?
ඒ ඔක්කොම මම තමයි ලක්ෂ 20ක් මම හෝටෙල් වියදම් ඔක්කොම කලා.
ඒ කියන්නේ X වෙනුවෙන් ලක්ෂ 20ක් වියදම් කලේ ඔබ?
X වෙනුවෙන් නෙමෙයි. මිසිස් ශ්‍රි ලංකා තරඟාවලියේ සියළුම වියදම් මගේ පෞද්ගලික Sponsor ලා මම මහන්සියෙන් හොයා ගත්තේ.
ඔබ ගියා , X ගියා ,චන්දිමාල් ගිහිල්ලා තිබුනා. එතකොට ,චන්දිමාල්ගේ ටිකට් එකේ වියදමත් ඔබ දැරුවේ?
චන්දිමාල් ජයසිංහගේ ටිකට් එක ඒ වගේම මගේ මේකප් ආටිස්ට් සාජීගේ එ වගේම මගේ මැනේජර් ඒවගේම මගේ ටිකට් වියදම් එතකොට ඒ සියලුම වියදම් , visa documentation සියළුම වියදම් දැරුවේ මම.ඇත්තටම කිව්වොත් මම ඇයට ආරධනා කලේත් නැහැ.
ඔච්චර සල්ලි කොහෙන්ද ඔබට?
ඇත්තටම කිව්වෙත් මගේ crown incident එක වේලාවේ දී මගේ reaction එක දකින්න ඇති මුළු ලෝකටම හිටගත්තා මාත් එක්ක. පුදුමාකාර ගෞරවයක් , කීර්තිනාමයක් මට ඇති වුනා.
හැබැයි මාධ්‍ය යේ නම් තිබ්බේ වෙන කතාවක්.X තමයි ඔබට ලක්ෂ 75ක් දීලා ඇඳුම අරන් දුන්නේ කියලා?
මම මගේ රටට ආදරය කරන කෙනෙක්. මගේ රටේ ජනතාවට මම ආදරය කරන කෙනෙක්. ශ්‍රි ලංකික පුරවැසියෙක් විදියට මම හතරවතාවක් මම මගේ රට නියේජන කරන්න ගිහිල්ලා තියනවා. දැන් ඔබ කිව්ව කතාව කතා දෙකක්. ලක්ෂ 75ක් වෙන්නෙ මයිකල් සින්කෝ කියන ජාත්‍යන්තර ඩිසයිනර් කෙනෙක්ට කියලා තමයි මම ගවුම නිර්මාණය කලේ. මොකද මම තමයි මගේ personal managerට කිව්වේ මට international designer කෙනෙක්ට කියලා මට ගවුමක් කරන්න ඕනේ. මෑතකලේ සිදුවුන සිදුවීම් එක්ක මට ඕන වුනා වෙනසක් කරන්න. මම නියේජනය කරන්නේ මගේ රට.ඒ නිසා මගේ managerට කියලා තමයි එක සූදානම් කර ගත්තේ. එක මම පෞද්ගලිකව මගේ Sponsor ලා හරහා තමයි කලේ.
එ කියන්නේ ඔබේ ඇඳුම් වලට X එක රුපියලක්වත් වියදම් කරේ නැ?
ඕව් වගකීමෙන් කියනවා. හැබැයි මෙහෙම දෙයකන් වුනා අවසාන මොහොතේදී මට හිතාගන්න බැරි ගොඩක් සිදුවීම් වුනා. අවසාන මොහොතේදී මම personal interview එකට වෙනම ගව්මක් කරගෙන ගිහිල්ලා තිබ්බා. එක ශනිත් තමයි නිර්මාණ කරේ. ඒ වගේම අන්තිම මොහොතේ ගවුම කරලා දෙන්න බාර ගත්ත අයත් අන්තිම මොහොතේ ගවුම කරලා දුන්නේ නැති පිරිසකුත් හිටියා. ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ.
ඒ මොකද ඒ පූෂ්පිකා හින්දාද?
සමහරක් විට. මම දන්නේ නැහැ ඉතිං මොකද්ද කියලා. නමුත් ම ජිවිතේ වුන දේවල් එකක් මම ගොඩක් වේලාවට ඔප්ෂන්ස් 2,3ක් තියාගත්තා. මට සිද්ද වුන දේවල් එක්ක කිසි කෙනෙකුව විශ්වාස කරන්න බැහැ. ඒ නිසා මම ගවුම් දෙකක් ලෑස්ති කරගත්තා. මට අන්තිම මොහොතේදී මයිකල් සිංකෝගේ ගවුම DHL කරලා තිබ්බා ඩුබායි වල ඉඳන් USA වලට. එතනදී ගවුම එන්න තිබ්බ දවසේ එකපාරට හිතාගන්න බැරි විදියට FLIGHT එකට මගේ ගවුම දාලා තිබුණෙ නැහැ ලක්ෂ 75ක් වටින ගවුම. ගවුමේ වටිනාතම නෙමෙයි එක අපි පැත්තකින් තියමුකෝ.
ඔබ ගවුමට සල්ලි ගෙවලා තිබුනද?
ඕව්.
එතකොට එතනත් කුමන්ත්‍රණයක් වුණා කියලද කියන්නේ?
ඕව් එතනත් කුමන්ත්‍රණයක් වුණා.
කවුද එහෙම කරන්න ඇත්තේ?
මටය හිතාගන්න බැහැ එක මගේ ජිවිතේ වෙන දේවල්.නමුත් අන්තිමේදී මට හිතාගන්න පුළුවන් වුණා අපි හිතනවාට වඩා සමහර අය අපිට පෙන්නම දේවල් කරානේ.
අපි දැක්කේ කැරෝලයින් ජූරි ඇවිල්ලා ඔයාගේ Crown එක ගලවනවා. ඒ අය අපි පේන අය. ඒ අයට අමතරව කවුරුහරි ඉන්නවාද?
ඕව් ඒ අයට අමතරව තව පිරිසක් ඉන්නවා. මට හිතෙන්නේ ලඟින්ම මට හොඳ මුණ පෙන්නලා තමයි මෙතන ගොඩක් දේවල් කරන්නේ.
ඒ කියන්නේ ඒ පිරිස ඔයා එක්ක ඇමරිකාවට ගියා?
ඔව්.
එකම flight එකේ ගියා?
නැහැ එකම flight එකේ නෙමෙයි.flight දෙකක ගියේ.එකට අපිත් එක්ක flight එකේ ගියපු කෙනෙකුත් සම්බන්ධ ඇති කියලා මම හිතනවා.
ඔයා මේ කියන කතාවේදී X මේ ගමනට එන්න ඇයට යමු කියලා කවුරුහරි කිව්වද?
චන්දිමාල් ජයසිංහ තමයි මට කොල් කරලා කිව්වේ පුෂ්පිකා X එනවා කියලා .මම ඇහුවා ඇයි එන්නේ? මොකද මට එතනත් ඩවුට් මිනිස්සු මේ මට චෝදනා කරන විදියට මම ගිහිල්ලා දින්නොත් එහෙම කියයි මම ඇය නිසා දින්නා කියලා.ඇත්තටම කියන්න ඕනේ අප්‍රේල් මසේ මට සිදු වුන සිදුවීමේදි ඇය මාත් සමඟින් සිට ගත්තා. එතනදී අප්‍රේල් මසේ ඉඳන් මම අන්තිම මොහොත වෙනකන් මම ඇයව ගොඩක් විශ්වාස කරා. මොකද පවුල් පරිසරයත් එක්ක මගේ දෙමාපියන්ගෙන් මම ඉගෙන ගත්ත දේවල් තියනවා.
ඒ කියන්නේ ඔබ විශ්වාස කරපු දේ අන්තිමේදී ඇය ඩබල් ගේම් එකක් play කරා?
මම එහෙම කියන්නේ නැහැ.නමුත් දැන් හැමදේම සිදුවෙලා ඉවරයි.
X එනවා කිව්වාම ඔබ සතුටු වුනාද?
මට හිතට බයක් ආවා ඇත්තටම. ඇයි ඇය එන්නේ? මොකද Mrs. world organization එකෙන් ඇයට invitation එකක් එවලා තිබුණෙත් නැහැ. මම ඇයට invite කලෙත් නැහැ. චන්දිමාල් තමයි මට කතා කරලා කිව්වේ X එනවා. ඔයා මගේ ticket එක අරන් දෙන්න එපා. Xගේ ටිකට් එක අරන් දෙන්න කිව්වා.
ඔයා චන්දිමාල්ගේ ටිකට් එකත් අරන් දුන්නද?මොකද අරන් දුන්නේ?
එක තමයි..පුෂ්පිකා තමයි ඇත්තටම කිසිම contestant කෙනෙක් මේ වෙනකන් මට සෑහෙන්න වදයක් දුන්නා හැබැයි මගේ එකම එක contestant තමයි පුෂ්පිකා මට කිසිම වදයක් දුන්නේ නැහැ. චන්දිමාල් ඇත්තටම එක openly මාධ්‍ය ඉස්සරහා කිව්වා.මම දෙයක් භාර ගත්තොත් මම එක හදවතින් මගේ උපරිම කැපකිරීම මම කරනවා.
එතකොට දැන් අර හඬ පටයක් ලීක් වුනා. X ඔබට fb post එක දන්න ඕන හැටි උගන්වනවා?
ඒ කිව්වා වගේ එකට ගොඩක් සමාන එකක් තමයි ඔබ දාලා තිබෙන්නේ.මට කියන්න මේ හතරවැනි ස්ථානය කියන එක කවුද කිව්වේ?
එක ඕන කෙනෙක්ට ඇහුනානේ කවුද කිව්වේ කියන එක. මම ඇයව ගොඩක් ගරු කරන විශ්වාස කරන මේ තරඟාවලියේ ස්වභාවය,නීතිරිති මේ හැමදේම ඇය දන්නවා.
එතකොට ඇය daily mirror පත්තරයට ඩුබායි ඉඳලා කතා කරනවා.කතා කරලා කියනවා unnecessary trust or pushpika in the audio clip. X කියනවා speaking in this issue Mrs. X said mrs de silva's manager had inform that she had become fourth runner up. එතකොට ඔබේ manager තමයි X ව අන්දවලා තියෙන්නේ?
නැ නැ. එක අමුලික බොරුවක්. පැහැදිලිවම මම වගකිමෙන් කියනවා ඒ recoding එක එළියට ගිහිල්ලා තිබුනා.
කවුද එක record කලේ?
එක මගේ group එකේ media team එකට media වලින් call කලා පුෂ්පිකා මොකද්ද ඔයාගේ තරඟාවලියේ තත්ත්වේ මේ වේලාවේ. අපිට updates ඕන කියලා ස්ටේට්මන්ට් එකක් දාන්න කියලා. ඒ වේලාවේ මගේ media team එකට මම voice mail එකක් දැම්මා සටහන් කරන්න ඕන idea එක. මේකත් කියන්න ඕනේ flight එකේ එනකොට මගේ manager ගේ phone එක නැති වුනා. X කියලා තිබුනා එයාට එමිරෙට්ස් ටිකට් එකක් ඕනේ නංගීව බලලා ඩුබායි ඉඳන් එන්න ඕනේ කියලා. එකත් මම ඇත්තටම ඇයට පහසු විදියට මම අරෙන්ජ් කරලා දුන්නා.
කොහොමහරි මේ voice clip එක media එකට ගියේ ඔබෙන්?
මමනේ එක record කලේ.එක record කරලා මම group එකට දාලා තිබුනා. group එකෙන් කොහොමහරි එක ලීක් වෙලා තිබුනා. මොකද මගේ manager ගේ phone එක flight එකෙදී නැති වුනා.
එකත් සැකයක් තියනවාද?
ඇත්තටම සැකයක් තියනව මේ වෙන දේවල් ගැන. මගේ ගවුම ඩිලේ වුනා.
X කොහොමද manager ගේ phone එක උස්සන්නේ?
මම එහෙම කිව්වේ නැහැනේ X ෆෝන් එක හොරකම් කලා කියලා.
ඉතිං කවුද සැක එතකොට?
මට සැකයි ඉතිං මට ඇත්තටම හිතාගන්න බැහැ මේ වෙන දේවල් එකක් මගේ ළඟින්ම ඉන්න කට්ටිය මටම හොඳ මුණ පෙන්නලා මගෙන්ම දේවල් කරගෙන මටම ගේම් එක ගැහුවා අන්තිම මොහොතේ.
ළඟින්ම ඉන්න team, එක කිව්වාම චන්දිමාල් ගියා, ඔයාගේ මේකප් ආටිස්ට් ගියා , මැනේජර් ගියා. එචච්රද ? තව කවුරුහරි ගියාද?
නැ ගියේ නැ. යන්න හිටියා මගේ අක්කාත්, මගේ hair dresser එයලාට visa හම්බ වුණේ නැහැ. මම පුතාව දැම්මේ නැහැ මොකද මට බය තිබ්බා visa reject වෙයි කියලා.
අක්කාගෙයි කට්ටයගෙයි visa දාන්න කියලා කවුද කිව්වේ?
මට සිදුවුන දේවල් එක්ක මගේ ආරක්ෂාවට මගේ අක්කාව එක්කගෙන යන්න උවමනාව තිබ්බා. එතනදී මොන හේතුව නිසාද මන්දා අක්කාටත් hair dresser ටත් visa හම්බ වුණේ නැහැ.
විවිධ අය විවිධ කතා පළ කරන්න ගත්තා මේ ලිබි කෆෝට් කියන කාන්තාව මේ කමිටු මණ්ඩල සමාජිකාවක්. ඇය twitter එකක් දාලා තියනවා ඔබට please correct your assumption of fourth place. 3යි ඉන්නේ ඔබ වහාම නිවරදි කරන්න මේක කියලා ඇය tweet එකක් දානවා. ඔබ නිවරදි කරන්නේ නැහැ මේක. ඇයි ?
මම ඊටපස්සේ statement එකකින් නිවරදි කරා. මට මෙතනදි වැදගත් වෙන්නේ top 6 තේරීලා හතරවැනියාද පස්වැනියාද කියන එක නෙමෙයි. මම නීහතමානීව ආඩම්බර වෙනවා මෙච්චර අභියෝග මැද්දේ මගේ රට මම නියෝජන කරන්න ගිය එක ගැන. රටවල් වලින් සෑහෙන්න පිරිසක් එනන හිටියා. නමුත් මේ අවසාන මොහොතේ covid situation එක නිසා ගෙලාඩක් දෙනෙක්ට visa හම්බවෙලා තිබුනේ නැහැ. අන්තිමට ආවේ රටවල් 41යි. මේක අවුරුදු කුමරි තරඟයක් නෙමෙයිනේ. රටවල් එකක් තමයි අපිට හැප්පෙන්න තියෙන්නේ. අපිට මේක වෙනුවෙන් සැහෙන්න කැපකිරීම් කරන්න තියනවා.විවාහක කාන්තාවක් විදියට මේ තරඟය වෙනුවෙන් දරුවා තියාගෙන තනි වුන මවක් විදියට මේ හැමදේම කලමනාකරණය කරගෙන සියළු අභියේග මැද්දේ හිතට ධෛර්ය අරගෙන මම මගේ රට නියෝජන කරන්න යනවා කියන්නේ මට ශක්කියක් වෙන්න ඕනේ මගේ රටේ ජනතාව.
ඔබ ලණුවක් කෑවද? ඔබේ manager Xට ලණුවක් දුන්නාද?
මගේ mrs world organization එකෙන් කියලා තියනවා ඇය ඕනම contestant කෙනෙක් මේ තරගාවලියට සහභාගි වෙනකොට ඇය විවාහක නම් , ඇයට අනිවාර්යෙන්ම සුදුසුකම් තියෙනවා මේ තරගාවලියට සහභාගි වෙන්න. ඉතින් මට ඒ තරගයට සුදුසුකම් තියෙනවා.සුදුසුකම් නැති කෙනෙක්ට ඒ තරගයට යන්න බැහැනේ .මම මොලේ නැති ගැහැනු කෙනෙක් නෙමෙයිනේ. මේ වෙනකම් මගේ ජීවිතේ මම ගත්ත තීන්දු තීරණ හොඳට ඔලුව කල්පනා කරලා දුර දිග බලලා ගත්තේ.නමුත් ඇයටත් මේ විදියට statement දාන්න මේක පිටිපස්සේ යම් කිසි කෙනෙක් ඉන්නවා මේ වගේ ඒව දාන්න කමෙන්ට් දාන්න මෙහෙම මෙහෙම කියන්න කෙනෙක්.
ඔබ ඒ කියන්නේ ඇය ලවා කෙරෙව්වා කියලද කියන්නේ ?
ඔව් නැතුව. ඔය තනිකරම මේ සෝෂල් මීඩියා වල බහුතර ලංකාවේ ශ්‍රී ලාංකික ජනතාව මේක අගය කරලා තිබ්බා රටවල් එක්ක මෙහෙම තරගය කරන්න ගිහිල්ලා ඇය අවසාන හය දෙනා අතරට තේරී පත් වෙච්ච එක ගැන.නමුත් මගේ රටේ බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාව ඒක බුද්ධිමත් ජනතාව ඒක appreciate කරනවා.නමුත් සුළුතරයක් හතර පස් දෙනෙක් මේ ඔය ෆේස්බුක් එකේ ඔය හතරවෙනි ස්ථානය කියලා දඟලන්නේ මම හිතන්නේ වැඩකට නැති ,ඔය ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සල්ලි අරගෙන උත්තර දීගන්න බැරුව දැන් ගිහිල්ලා රටවල් වල පැනලා ඉන්නවා. ඉතිං ඒ මිනිස්සුන්ට කරගන්න වැඩ නැහැනේ. ඒ මිනිස්සු ෆේස්බුක් එකේ අපේ ප්‍රොෆයිල් වලින් තමයි ජීවත් වෙන්නෙ, අපේ stories බලනවා ,feed එක බලනවා. මම හිතන්නේ ඒගොල්ලන්ට වැඩ නැතුව ඇති. එයලාගේ වැඩේ ඉතිං අර හතර පස් දෙනෙක් එකතු වෙලා කණ්ඩායම් හදාගෙන ඔය කමෙන්ට් කරනවා.ඒ ඇරෙන්න අනිත් මිනිස්සුන්ට ඕන තරම් වැඩ තියෙනවා.
එතකොට ඔබ යනකොට දැනගෙන හිටියේ නැද්ද ඔයා මේ ආධුනිකයෙක් නෙමෙයිනේ Mrs. world international තරගාවලියකට ලංකාවෙන් යනවා කියන්නෙම ඔයා ආධුනිකයෙක් නෙමෙයි. ඔයා අඩුම ගානේ දැනගෙන හිටියේ නැද්ද ?
මේක බයිසිකල් රේස් එකක් නෙමෙයිනේ. 1, 2, 3, 4 ,5 ,6 කියන්න.දැන් කැරලයින් ජූරි ඔයාගේ crown එක ගැලෙව්වට පස්සේ මේක ගියා Mrs. island. ඊට පස්සේ මෙතන ආවා Mrs. UAE ඉන්නවා .එතකොට මේ පලවෙනි ජයග්රාහිකාවගෙන් පස්සේ ,ඔන්න ඕකට තමයි ගොඩක් සංවිධායකයෝ කියන්නෙ first runner-up තියාගෙන ඉන්නේ ,Second runner-up තියාගෙන ඉන්නේ first runner-up ට මොකක් හරි උනොත් ගැටළුවක් උනොත් එයාට දෙන්න. එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා දෙක කියලා .එකෙන් අදහස් වෙන්නෙ නෑ එයා තුන කියලා. ඔබ මේක දැනගෙන හිටියේ නැද්ද ?
එකම දේ ගැන අපි මේ වැඩසටහන කතා කරන්න ඕනේ නැහැ. ඔයා මේ වැඩසටහනට මට ඉන්වයිට් කරන්නේ මෙතන වෙච්ච සිදුවීම ගැන සමාජයට දැනුවත් කරන්නනේ. නැතුව මේ මගෙයි ඔයාගේ පෞද්ගලික හේතු කාරණා කතා කරන්න නෙමෙයිනේ.අපි මේ වෙලාවේ තියෙන සිටුවේශන් එකත් එක්ක මේ ගියපු තරඟය ගැන කතා කරන්න මේ වෙලාවේ මට ආරාධනා කළේ .ඔයා දැන් මගෙන් ඒක ඒක එක පාරක් ඇහුවොත් දෙපාරක් ගැහුවත්, දහපාරක් ඇහුවත් මට දෙන්න තියෙන්නේ එකම උත්තරය.
නමුත් ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ලෝකයටම මේ පුෂ්පිකා ඇයි fourth place එකට බොරුවක් කළේ කියන එක ?
කාටද මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මට කියන්නකෝ.
දැන් ජාත්‍යන්තර වශයෙන් කිව්වහම fourth place කියලා එක් කෙනෙක් කියලා තියෙනවා ඔයා තමන්ගේ අදාල contestants විදියට තමන්ගේ FB Page එකේ දාලා තියෙනවා fourth place කියලා ?
ඔයා දැන් ඔය statement එක බැලුවා වගේ ගිහිල්ලා දැන් බලන්නකෝ මම දාලා තියෙනවා අවසාන හය දෙනා අතරට තේරී පත්වෙලා ඉන්නවා. මෙතන කියාගන්න බැරි සිදුවීම් ගොඩක් වෙලා තියනවා මේ සිදුවීම් හැමදේම.අඩුම තරමේ මං අන්තිම දවස් ටිකේ නිදා ගත්තෙ නැහැ. ඒක මාත් එක්ක ගියපු ටීම් එක දන්නවා .මම කොච්චර හැඬුවා ද .මට ඇත්තටම මගේ final performance දැක්කහම ඇත්තටම මට මං ගැන ආඩම්බරයි.
ඇඬුවේ මොකද ?
ඇඬුවේ මට ආව පීඩනයත් එක්ක .එතන ගොඩක් ප්‍රශ්න ඇති වුණා. අපේ කණ්ඩායම තුළ ප්‍රශ්න ඇති කරන්න හැදුවා. එක එක කුමන්ත්‍රණ ගියා. ඊට පස්සේ මයිකල් සින්කෝගෙ ගවුම ආවෙ නැහැ.DHL එකට එක එක දේවල් ගිහිල්ලා තිබුණා.
එක එක දේවල් කියන්නෙ?
පරක්කු කරන්න කියලා .මම දන්නෙ නෑ කවුද මෙච්චර මාත් එක්ක තරහ කියලා මෙච්චර ඊර්ෂ්‍යාකාරයෝ. මේ ගවුම ගැන දැනගෙන හිටියේ ඇත්තටම චන්දිමාල් ජයසිංහයි ,රෝසි සේනානායකයි ,මමයි, මගේ අක්කයි, සහ manager විතරයි. එතකොට මේ වෙනකොට මේ ගවුමේ වීඩියෝ එක ඔය සමහරක් කට්ටියගේ Facebook වල ගිහිල්ලා තියෙනවා. ඕක ගියපු එක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම ආඩම්බර වෙනවා මට මේ වගේ ගවුමක් නිර්මාණය කරන්න ලැබුණා මගේ රට වෙනුවෙන් .
පුෂ්පිකා මේකට මට උත්තරයක් දෙන්නකෝ .පවුලේ කී දෙනෙක් ඉන්නවද ?
අයියයි අක්කලා දෙන්නයි මමයි .
අක්කා ව ෂුවර් නේද ?
ඔව් අක්කා ව ෂුවර්.
manager වත් ෂුවර් ද ?
manager වත් ෂුවර්.
චන්දිමාල් ෂුවර්ද ?
මට දැන් විශ්වාස කරන්න බැහැ මේ වෙලා තියෙන දේවල් එක්ක. මොකද අන්තිම අපි ගියපු චන්දිමාල් ජයසිංහ මුල ඉඳන්ම අපිත් එක්ක ගියපු දවසේ ඉඳන් 13 වෙනිදා වෙනකම් ඒ කියන්නේ අපි පස්වෙනි ද ගියානම් නමවෙනිදා pageant එක පටන් ගත්තා. නමවෙනිදා ඉඳන් දහතුන් වෙනිදා වෙනකන් අපි ලස්සනට මේ pageant එක කරගෙන ගියා. මම social media වල දාපු දේවල් මම ලස්සනට. ඔයා කියන්නේ Mrs. world organization එක මාව වෙල්කම් කරපු විදිය මාව පිළිගත්ත විදිය, මාව අගය කරපු විදිය contestants ලාද, judges ලාද, සමහරක් ලමයි Give-up කරලා තිබුණෙ පුෂ්පිකා ඔයා තමයි අනිවාර්යෙන් Win කරන්නේ මේ තරගයෙන්. අපිට ඔයා ඇත්තටම ශක්තිමත් කාන්තාවක්. ඔයාගෙන් අපට ඉගෙන ගත යුතු දේවල් තියෙනවා. ඕඩියන්ස් එක ෆයිනල් එකේ ලංකාවේ contestants ලාට වෙන රටකට ගියාම ලැබෙන්නැති ගොඩක් වරප්‍රසාද මට ලැබුණා. ඇත්තම කිව්වොත් ඒකට මට වාසනා ගුණයක් තියෙනවා ඇති .දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්න ශ්‍රී ලාංකිකයෝ සෑහෙන්න පිරිසක් මාත් එක්ක හිටියා. ඒ පිරිසට වැඩිය ප්‍රමාණයක් ඒත් එක්කම ශ්‍රී ලංකාව දිනන්න ඕන කියලා චියර් කරා .
කවද්ද වෙනස් උනේ මේ තත්ත්වය ?
අන්තිම මොහොතේ.
ඇයි එදා 13 කියලා කිව්වේ මොකද්ද උනේ?
මට මෙතන විශ්වාස කරන්න බැරි කෙනෙක් ඉන්නවා.මම ආපස්සට ගියාම මගේ ජීවිතේ මට අභියෝග තිබ්බනෙ. crown එක ගලවන incident එකේදි මට ආපස්සට ගිහිල්ලා හිතන කොට මට හිතෙනවා මේ පුද්ගලයන් තමයි මට මේක මේවා කරේ Caroline ලා, චූලලා ඇත්තටම මෝඩකමට ගිහිල්ලා අරම කළා. නමුත් ඊට වැඩිය භයානක කට්ටියක් හිටිය මගේ ළඟින්ම හිනාවෙලා ගේම් ගහපු . එතනදි මට හිතන්න වෙන්නේ ආපස්සට ගියාම මම මිනිස්සුන්ගෙ හිත දිනා ගත්තානේ මගේ රියැක්ෂන් එකෙන්. මට මුළු ලෝකෙන්ම පුදුමාකාර ගෞරවයක් දැක්වූවානේ. මේ මිනිස්සුන්ට මාව අප්පිරිය කරන්න මාව පළවෙනි incident එක මම කියන්නම් මේ mrs world තරගාවලිය යන එක වලක්වන්න, ටයිට්ල් එක ගලවන්න උත්සහ කලා චන්දිමාල් ජයසිංහගෙ බර්ත්ඩේ පාටි එකක් තිබ්බා ශ්‍රැන්ගිලා හොටෙල් එකේ .
එතනට මට කෝල් කර කර කර කර ඉන්වයිට් කරා එන්න එන්න කියලා. දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්න ඒකට මම ගියේ නැහැ .චන්දිමාල් ජයසිංහ මට කෝල් කර කර ඉන්වයිට් කලා.එදා රෑත් video වීඩියෝ කෝල් අරගෙන මට කිව්වේ .ඉතින් එදා බේරුණා. මම ඊට පස්සේ දෙවැනි incident එක තමයි එල්ලුම් ගහ ලොහාන් රත්වත්තගේ.එකෙක් මම ගියේ නැහැනේ .එදා මම හිටියේ මාතර. එතනදිත් මිනිස්සුන්ට මාව අප්පිරිය කරන්න අප්‍රසාදයට ලක් කරන්න එතනත් මට ඒකට ගියා කියලා එක එක කුමන්ත්‍රණ කළා. ඒ දෙවැනි සිදුවීම .තුන්වෙනි incident එක වීසා වලට අනේ ඔයා බබාව එක්කන් යන්න පව් බබා එහෙම කියලා බබාව දාලා visa rejects කරන්න හැදුවා මම රට පනී කියලා.එහෙම කෙනෙක් කිව්වා කියලා විතරක් හිතාගන්න. කවුද කිව්වේ කියලා කියන්න ඕන නැහැ.මගේ ටීම් එකේ ගියපු කෙනෙක් කියලා හිතමු .
එතනදිත් මම මොලේ කල්පනා කරලා මම බබාගේ documentation ඔක්කොම ගෙවලා සල්ලි ගෙවලා ඒවත් කමක් නෑ සල්ලි ඒක මට මේවා කරගතදෙන්. එක ප්‍රශ්නයක් නැහැ. මම නමුත් රට නියෝජනය කරන්න යන අධිෂ්ඨානය මගේ හිතේ තිබ්බ නිසා මම දරුවාවත් තියලා තමයි මම වීසා වලට දාලා ඔන්න විසා එකත් මම ගත්තෙ .එතනත් මම score කලා.අන්තිමට මයිකල් සින්කොගෙ ගවුම. මයිකල් සින්කොගෙ ගවුමත් මම චන්දිමල්ට විතරයි දැම්මේ. චන්දිමාල් එක Xට යවලා තිබුණා වීඩියෝ එක. මම දන්නෙ නැහැ මොන විදිහටද ඒක දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය වල ගියේ කියලා.
අක්කාව ෂුවර් කිව්වා, manager ෂුවර් කිව්වා, චන්දිමාල්ව ෂුවර් කරන්න මේ තත්ත්වය අනුව බෑ කිව්වා, X ව ෂුවර් කරන්න පුලුවන්ද ?
මට විශ්වාස කරන්න බැහැ කිසිම කෙනෙක්. මගේ ජීවිතේ මට මේ වෙලා තියෙන දේවල් එක්ක. හැබැයි මම කියන්නෙ කිසිම කෙනෙක්ට ඔය මොන සිදුවීමක් මට කලත් මොන දේ කළත් මාව වට්ටන්න හම්බ වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතේ මගේ තරඟාවලි මම දන්නවා මම මාස අටක් පුරාවටම මේ තරඟාවලිය සෝෂල් මීඩියා වලින් දැක්ක මේ තරඟය වෙනුවෙන් රට වෙනුවෙන් මම මොන තරම් කැපකිරීම් කළා ද කියලා මේ හැමදේම මම කළේ මගේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් .
ඔබ pageant එකේ දි කතා කළේ සිංහලෙන් ?
මම සිංහලෙන් කතා කළේ. මට එතනත් ඕන වුණා මගේ රටේ අනන්‍යතාවය මට අභියෝග කලා ජාත්‍යන්තර තරගයකට ගිහිල්ලා තමන්ගේ භාෂාව කතා කරන්න බෑ කියලා. ඒ අභියෝගය මම බාර අරගෙන මම ඒක කරලා පෙන්නුවා. මම ඒකත් score කළා.මම ඒක හරියට පොයින්ට් එකට උත්තර දුන්නා. ඒ වේලාවේ රෝසි සේනානායක මහත්මිය කිව්වා she did well fantastic ආන්සර් කිව්වා .එහෙම කියලා අන්තිමේදී ලංකාවේ කීප දෙනෙක් ඔය තුන් හතර දෙනෙක් කියල තිබ්බා මං හිතන්නේ සිංහලෙන් කතා කරපු එක ගැන. ඒගොල්ලො judges ලා මාත් එක්ක කතා කරා.මට හරිම කණගාටුයි කියන්න මා ගාව සාක්ෂි තියෙනවා. මම හැමදාම බුද්ධිමත් කාන්තාවක්.මං ගාව සාක්ෂි තියෙනවා මාත් එක්ක කතා කළා. ඒගොල්ලො පස් දෙනාම vote කරලා තියෙන්නෙ.
කොහොමද ඔයා එක දැන ගත්තේ ?marksheet බලන්න බෑනේ?
මම කතා කළා මට marksheet බලන්න ඕනේ කියලා .marksheet බලන්න ඕනේ කියලා .ඒ වෙලාවෙ මං පහුවදා මම මීටින් එකට ගිහිල්ලා කතා කළහම එදා උදේ X මිසිස් එලෙන් මාමේල් මහත්මියත් එක්ක ලන්ච් එකට ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ තමයි මට මීටින් එක දුන්නෙ.මම කිව්ව මට ඇත්තටම හරිම කණගාටුයි මොකද judges ලාද, contestants ලා ද, ඕඩියන්ස් එක ද ,මගේ රටේ ජනතාවද හැමෝම මට දීල ඉවරයි පුෂ්පිකා ඔයා Already Winner. ඔයා දිනලා ඉවරයි.
දිනලා හිටපු එක වෙනස් කළා ඒකයි මේ කියන්නේ?
ඔව් .
ඒ කියන්නේ X සහ එහෙම කරප්ටට් judgement එකක් හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත ජයග්රාහිකාවද මේ මම ඉස්සරහ ඉන්නේ ?
ඔව් මොකද මම ඒක වගකීමෙන් කියනවා. මම ගාව සාක්ෂි තියෙනවා මම ඒ ටික ඉදිරිපත් කරනවා මාධ්‍යයට. සියලුම දෙනා මට කිව්වා මා ගාවට ඇවිල්ලා පුෂ්පිකා ඔයාට අපි vote කලේ අපිට හිතාගන්න බැහැ final එකේ මොකක්ද උනේ කියලා. ඒ වෙලාවේ final performance Top 3 තොරනකොටත් ඒගොල්ලෝ මට කියල තිබ්බා පුෂ්පිකා ඔයාව තමයි තේරුවේ කියලා .
ඒ කියන්නේ X සහ මාමේල් මහත්මිය අතර ඇති වෙච්ච ලන්ච් එකේදී සියල්ල කණපිට හැර වුණා ?
නෑ ඒ ලන්ච් එක ඊට කලින් X ආවා දහතුන් වැනිදා. මට නම් ගම් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි දහතුන් වෙනිදායින් පස්සේ මොකක් හරි සිදුවීමක් වුණා .මොකද මගේ roomate ට ,mrs කොරියට, contestants ලාට විවිධාකාර නානාප්‍රකාර මම ගැන බෑඩ් මැසේජස් එකම මැසේජ් එක හැමෝටම ෆෝවර්ඩ් කරලා තිබුණා .ඊට පස්සේ එල්ලුම් ගහ රත්වත්ත ඇමතිතුමාගේ dailymirror ගියපු එකේ ආර්ටිකල් එකක් vice-president වන ටනා මහත්මියට එවලා තිබ්බා ඒ ආර්ටිකල් එක.ඒක අපිට පෙන්නුවා මේ බලන්න ඒගොල්ලො සතපහකට ඔය ගොසිප් කියන දේවල් ගණන් ගන්න මිනිස්සු නෙමෙයි අපේ රටේ මිනිස්සු වගේ නෙමෙයි ඒ රට වල මිනිස්සු ගොඩක් හරි මනසින් දියුණු විදියට ඉන්නේ.ඒ වෙලාවේ ඒ ගොල්ලො හිනා උනා. අපි මේවා බලන්නේ නැ, අපිට gossips වැඩක් නෑ අපිට වැදගත් වෙන්නේ මේ කෙනා ලස්සනයි නම් බුද්ධිමත් නම් මේ තරගයට සුදුසු නම් මේ title එකට සුදුසු නම් අපිට ඕන ඒවගේ ජයග්‍රාහිකාවක්. මෙතන භාෂාව ප්‍රශ්නයක් නෙමෙයි කියන දේ මෙතැනදී එතකොට separate කියන දේ වැදගත් නැහැ කියන දේ එලෙන් මහත්මියම කිව්වා .ඒකට සාක්ෂි මගේ ඇග්රිමන්ට් එක පවා පෙන්නුවා .
අපි සමාන්‍යයෙන් දන්නා පැජන්ට් වලදී සමහර වේලාවට සල්ලි වලට පැජන්ට්ස් ගියා කියනවා.එමෙ නැත්තම් organizers ලා එක්ක sexually කතා පිළිබඳ චෝදනා කරනවා.මේවාගේ international pageant එකක එහෙම result එකක් බලපෑම් කරලා වෙනස් කරන්න පුළුවන්ද?
එතන එහෙම සිදුවීමක් වුනා. මොකද මන් ළඟ සාක්ෂි තියනවා. මම ඇපිල් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම තාම මගේ ලෝයර්ස්ලා එක්ක කතාබහ කරමින් ඉන්නේ. මොකද මම ලොකු පීඩනයකින් ඉන්නේ.කේන්තියක් නැහැ. මම ඒ මොහොතේම මට එහෙම දෙයක් කරපු අයට සමාව දීලා ඉවරයි. මේ වෙද්දී mrs sri lanka sri lankan official page එකට ගියොත් බලා ගන්න පුළුවන් මේ වෙද්දී වර්තමාන mrs sri lanka මම අවුරුද්දක් වෙනකන්. කොහොමද X ගේ photo එක එන්නේ? කවුද මේ game එක පිටිපස්සේ හිටියේ? බුද්ධිමත් ජනතාවට දැන් තේරුම් ගන්න පුළුවන්. වත්මන් ජනාධිපතිතුමාගේ photo එක එන්න ඕනේ profile එකේ අවුරුදු 35කට කලින් හිටපු කෙනෙක්ගේ photo එකක් එනවා profile එකේ.මොකද්ද? මේක සාධරණද?මට තාම අවුරුදු 32කයි. මට මේක එක්තරා තරඟයක් විතරයි. මගේ ජිවිතේ මට අඩු වයසින් මට වරදින තරමටම මම කැමති.
අපි පෙරුම් පුරාගෙන බලාගෙ ඉන්නවා අපිට මේක නැහැ
ඇත්තටම කැරොලයින් ජූරිත් ඒ වේලාවේ ඒ හැසිරුණ විදියෙන් තමයි ඇයට ඒ දේ අහිමි වුණේ. වැදගත් විදියට ඒ වේදිකාවේ ඇය හැසිරුණා නම්, මේ වෙනකොට ඒ වේදිකාව තියනවා. සමහර අය මාව ඉත්තෙක් කර ගත්තා ඒ title එක ගලවන්න. ඇයි අපි ඒ තත්ත්වෙට පත්වෙන්නෙ?
ඔබත් අහුවුනා?
නැ මම අහුවුනේ නැහැනේ. මම එතැන වුන සිදුවීමට මගේ අනාන්යයතාවයෙන් , මගේ ආත්ම ගරුත්වය රැක ගන්න විදියට මම කටයුතු කලා.නමුත් ඒ සිදුවීමට මම සම්බන්ධ නැහැ. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මට මඩ ගහන. මට දැන් තෙරෙන්නේ මගේ ළඟින්ම ඉඳලා ,මට හොඳ මුණ පෙන්නලා අන්තිම මොහොතේ මාව වට්ටන්න තමයි බලාගෙන ඉන්නේ.
10 වැනිදා X ලාස් වේගාස් වලට ආවේ නැත්තම් mrs world international වෙන්නේ පුෂ්පිකා කියලයි ඔබ කියන්නේ?
අනිවාර්යෙන්ම. එක දැන් හැමෝම කතා වෙනවා. මේ තරඟය පටන් ගත් වේලාවේ පටන් කවුද මම වගේ තරඟය වෙනුවෙන් කැපකිරීම් කරලා තිබ්බේ. personal interview එකේදී judges ලා නැගිටලා මට අචාර කරා ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියලා. මම අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් හදලා දීලා තියනවා. මම projects 15ක් කරලා තියනවා. මේ වෙනකන් miss world තියා mrs sri lanka කෙනෙක්වත් මේ වගේ දේවල් කරලා තියනවාද? මම විවාහක කාන්තවතක් විදියට, මවක් විදියට, ශ්‍රි ලංකික පුරවැසියෙක් විදියට මම මනුෂ්‍යත්වයේ ගුණාංග වලින් පිරිපුන් කෙනෙක් විදියට මම මේ සමාජයට සේවයක් කරලා තියනවා.
ඔබ හිතනවාද ඔබ බුද්ධිමත් කාන්තාවක් කියලා එදා පෙන්නුවා කියලා?
අනිවාර්යෙන්ම. මගේ ජිවිතේ කවදාවත් මගේ අතින් වරදක් වුනොත් මගේ අඩුපාඩුවක් වුනොත් එක පිළිගන්න තරම් ශක්තිමත් කොන්දක් තියෙන කාන්තාවක්.
ඔබ කියන්නේ කෙසේ හෝ වේවා සමස්ත තරඟාවලිය තුළ ඔබ උඟුලකට හසුවුනා?
අනිවාරයෙන්ම හසු කර ගත්තා. මම මේ වෙනකන් බුද්ධිමත් විදියට වැඩ කරගෙන ගියා.හැබැයි යම් කිසි කෙනෙක්ට මම අහුවුනා කියන්නේ මම ඇයව ගොඩක් විශ්වාස කරා. ඔබ ඇහුවා X ගවුම අරන් දුන්නද කියලා. ඇත්තටම මගේ සල්ලි වලින්ම තමයි ඇය මට ගවුම අරන් දුන්නේ. මගේ ටිකට් එකෙන්නේ ඇය ඇමරිකාවට ගියේ. ඒවයි සාක්ෂිත් ඔක්කොම මම ළඟ තියනවා. හැමෝම දැනගත්තා මම මේ තරඟයට ගියොත් ජයග්‍රාහණය කරලා ඉන්නේ කියලා. මගේ අක්කා මට කිව්වා අප්‍රේල් මාසයේදී නංගී, යම්කිසි පුද්ගලයකුට කැරොලයින් ඒ වේලාවේ හැසිරුණ විදියෙන් එක හරි වැරදි හැසිරුණ විදිය. නමුත් යම්කිසි කෙනෙක් ඔයාව ඉත්තෙක් කර ගත්තා ඇයගේ Crown එක ගලවන්න කිව්වා. ඇය ඒ විදියට හැසිරුණ එක වැරදි කියලා ලෝකයම පිළිගත්තා. එයා විසින්ම එයා හැසිරිච්ච දෙයින් එයාගේ දේ එයා නැති කරගත්තා. නමුත් එකෙන් යම්කිසි පුද්ගලයෙක් මාව ඉත්තෙක් කරගත්තා ඇයගේ crown එක ගලවන්න. නමුත් එයා හැසිරුණ විදිය වැරදි. එක වෙනම කතාවක්. ඊටපස්සේ මට කිව්වා ඊළඟ ටර්ගට් එක ඇයට ඔයාගේ crown එක ගලවන එක. ඔයාගේ මේ ගමන නවත්වන එක කියලා. එක මට අදටත් දෝංකාර දෙනවා මගේ අක්කා කියපු ඒ කතාව.
83 ගෙන ආ කිරුළ 2019 දී කැරොලයින් ජූරිට පත්වෙනවා. එතකොට ලංකාවේ දෙන්නෙක් ඉඳලා තියනවා. දැන් ඉන්නේ තාමත් එක්කෙනයි. කැරොලයින්ගෙන් කිරුළ ගැලවුනා. ඒ කියන්නේ සදාකලිකව එක් කිරුළක් පළඳින්නට තියන අවශ්‍යතාවය තමයි ඔබෙන් කිරුළ ගැලවෙන්නේ?
ඕව්. ඊටපස්සේ යම් කිසි කෙනෙක්ට ඕන වුණා ඊටපස්සේ මගේ ගමන නවත්වන්න.
මොකද්ද ඔබ අවසාන වශයෙන් කියන්නෙ මේ රටට?මෙනවාද ප්ලෑන්ස්?
ඒවා නම් මම ඇත්තටම කියන්නේ නැ. මොකද පුෂ්පිකා කියන කෙනාට පුදුම බයක් තියනවා හැමොම. කටහරි පුෂ්පිකාගේ අනාගතේ පෙනවා ඇති. හොඳ පාඩමක් මම මෙකෙන් ඉගෙන ගත්තා. මෙතනදි මම ඉගෙන ගත්ත පාඩම තමයි ළඟින්ම ඉන්නවා නේද හොඳට හිනාවෙලා පණ දෙන්න වාගේ ඉන්න මනුස්සයා සතපහකට විශ්වාස කරන්න බැරි ළඟින්ම පණ දෙන්න වගේ ඉන්න මනුස්සයාව. දුර ඉන්න මනුස්සයා නෙමෙයි අපිට වරද්දන්නේ. කාට මේ ටයිට්ල් එක ලොකු වුනාට මම හතර වතාවාක් මගේ රට නියෝජනය කරපු කෙනෙක්. මම මේ ටයිට්ල් එකට සාධාරණයක් ඉෂ්ට කරලා තියනවා. මම එදත් කියනවා අදත් කියනවා කවුරුහරි කෙනෙක් පුෂ්පිකා කියන කෙනාව මෙතනින් වටට්න්න හදනවානම් කටවත්ම එක කන්න බැහැ.
මෙතන political game එකක් නැනේ?
මෙතන political game නැ මම හිතන්නේ.මේක පෞද්ගලික ඊරිසියාවක් මත සිදුවුන සිදුවීමක්. ඇත්තටම කාන්තාවකට වල කපන්නේ කාන්තාවක්. මගේ ජිවිතෙක් මේක තරඟයක්, එක පරිච්ඡේදයක් විතරයි. මම මේක පන්නරයක් කරගත්තා ඊලඟ ස්ටෙප් එකට. හැබැයි මෙතනින් ඉදිරියට මම මගෙ අනාගත බලාපොරොත්තු කියන්නේ නැහැ. මම වැටි වැටි නැගිටින කාන්තාවක්. කවදාවත් කවුරු තමන්ගේ කකුලෙන් ඇද්දත් තමන් වැටෙන්න එපා.
සාකච්ඡාව - චමුදිත සමරවික්‍රම
0 Comments