ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරියෙන් සොරා ගන්නා ලද මරාන්ටිස් වර්ගයේ පෝර්ටබල් රෙකෝඩරය සොරාගත් යම් පුද්ගලයෙකු යළිත් එය සුක්ෂිතව තිබූ ස්ථානයටම ගෙනවිත් දමා ගොස් ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.
භාණ්ඩය යළි ගෙනවිත් දැමීම තුළින් අපරාධය අවසන්ව නොමැති බවත්,
මේ වනවිටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පොලීසිය පවසයි. සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා හෙළිදරව් කළ දිනයේම රාත්රී කාලයේ මෙම පටිගත කිරීමේ යන්ත්රය නැවතත් ගෙනවිත් දැමීම විශේෂත්වයකි..
මේ සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් සිදු කරමින් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසා සිටියේ,
මෙම ප්රවෘත්තිය දැක බියට පත් වූ සොරා, යළි මෙම හඬ පටිගත කිරීමේ යන්ත්රය නැවත රජරට සේවය තුළට ගෙනවිත් දමා ඇති බවයි.
අදාළ පටිගත කිරීමේ යන්ත්රය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර, මෙය පැහැර ගෙන ගොස් නැවතත් ගෙනවිත් දැමූ පුද්ගලයා කවුරුද? යන්න අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
0 Comments