ජනාධිපති සමාව යටතේ 74 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිවුණ නමුත්
අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කරන බවට විශාල ප්‍රචාරයක් දියත්වූවද ඔහු නිදහස් කර තිබුනේ නැත.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17 දෙනෙකු ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 8 දෙනෙකු මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙකු
බෝගම්බර බන්ධනාගාරයේ 11 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 6 දෙනෙකු මාතර බන්ධනාගාරයේ සිරකරුවන් 5 දෙනෙකුට අද නිදහස හිමිවිය.ඊට සමගාමීව බන්ධනාගාර පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.
රන්ජන් නිදහස් කරාවි යයි අපේකෂාවෙන් වැලිකඩ බන්ධනාගාරයට උදේ පැමිණෙන්නැයි සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් රන්ජන්ගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ පණිවිඩ පළකර තිබූ නමුත් රන්ජන් නිදහස් කර තිබුනේ නැත.
එම පණිවිඩ නිසා පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට ඔහුව පිළිගන්නටද ගොස් තිබූ අතර ඒ අය අතර නාගරික මන්ත්රීනී භාගේෂ්වරී ගුණසේකරද විය. ඇය එම අවස්ථාවේ ෆේස්බුක් ලයිව් පැමිණ අන්තිම මොහොතේ බලාපොරොත්තු නැතිවුණත් සිය අරගලය දිගටම කරන බව දන්වා සිටියාය.
0 Comments