ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තවත් සංගම් 17 ක් සමග එක්වී ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය තවමත් පවතින අතර වර්ජනයට මූලිකත්වය ගත් සමන්රත්නප්‍රිය සභාපතිත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගෙ සංගමය අද 12 සවස වර්ජනයෙන් තාවකාලිකව ඉවත්වන බව දන්වා ඇත.

එයට හේතුවී ඇත්තේ පසුගියදා දිසා අධිකරණය මගින් ඔවුන්ගේ සංගමයේ නම පමණක් දක්වා වර්ජනය අත්හිටුවීමට කළ වාරණ නියෝගයයි. අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් ඉවත් වුවද සෙසු පිරිස සටන ගෙනයනු ඇතැයි සමන් රත්නප්‍රිය කීය.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් කරමින් පැවති වර්ජනය  හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වූණේ, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කිහිපයක පමණි.   
වර්ජනයට එරෙහි අධිකරණ නියෝගයක් මෙන්ම අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර මේ නිසා සෞඛ්‍ය සේවකයින් තවදුරටත් වර්ජනය කිරීම ඉදිරියේ ඔවුනට රැකියා සුරක්ෂිතතාව ගැන කරදර ඇතිවීමට අවදානමක් ඇති කර තිබේ.