senanayake-weraliyedda

ඔබ ගමට ගියේ කොළඹ අතහැරලද?

නැහැ නැහැ. මට කොළඹ ඉන්න තිබුණා.


මේ වංගත තත්ත්වයත් එක්ක කොළඹ පරිසරයේ ගැවසෙන්න අමාරුයි. ඒ නිසා මම ගමට ආවා. ලොකු නිදහසක් දැනෙනව. මම ඉතින් ගමේ හිටපු මිනිහනෙ.



ඇත්තටම ගමේ ජීවිතේ ගෙවුණෙ කොහොමද?


ගොවිතැන් වැඩ පුංචි කාලෙ ඉඳන්ම මට හොඳට පුරුදුයි. නැටුම් කරපු බෙර ගහපු මාව ගායකයෙක් කළේ මගේ සහෝදර රසිකයන්. උදේ නැගිටින්නෙත් හවස නිදාගන්නෙත් ඔවුන් සිහිකරලායි. ඒ නිසාම වෙන්න ඇති කොච්චර අමාරු කාලයක් වුණත් මට කිසිම දේකින් අඩුපාඩුවක් වුණේ නැහැ. අදටත් මම ගොවිතැන් කරනවා. සම්බෝලයි බතුයි කාලා හරි ඉන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මගේ අනෙක් සහෝදර කලාකරුවො ඉන්නෙ ගොඩක් වියදම් කරන්න සිදුවෙන තැන්වල. ඒ අය ගැන ලොකු කනගාටුවක් තියෙනව. මගේ කුඹුරෙන් අස්වැන්න ලැබුණ කාලෙට වී ටිකක් කොටල මගේ මිතුරන්ට මට පුළුවන් හැටියට හාල් ටිකක් පවා දුන්නා.



සංගීත ක්‍ෂේත‍්‍රයේ අද තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස?


ඇත්තටම මේ පවතින තත්ත්වයත් එක්ක ලොකු කනගාටුවක් තියෙනව. මීට වසර දෙකකට කලින් බොහොම සතුටින් හිටපු හැම කෙනාම කඩාගෙන වැටිලා. හැබැයි මේක අපිට ජීවිතය සරල කරගන්න කියාදුන්න හොඳ පාඩමක්. ඒ වුණත් බොහෝ දෙනකුට මේ තත්ත්වය දරාගන්න බැහැ. එයාල අදටත් දුක් විඳිනව.

උපුටනය- මීවිත
සාකච්ඡාව - මහේෂ් එදිරිසිංහ