sri-lankan-pilotes-strike

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ තවදුරටත් යෙදී සිටින බව එම සංසදය ඊයේ (22දා) දින නිර්වේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



පසුගිය දෙවසරක කාලය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනයෙන් තම ගුවන් නියමුවන්ගේ ගෙවීම් නීත්‍යනුකූල නොවන ආකාරයට කප්පාදු කිරීම්වලට එරෙහිව,මෙම ගුවන් නියමුවෝ මෙම ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ට වී සිටිති. ගුවන් නියමුවන් මෙම කප්පාදු  කිරීම පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනය දැනුවත් කළද, ඔවුන් ඒ සඳහා පිළිගත හැකි සාධාරණ විසඳුම් ලබා නොදීම නිසා මෙම තීරණයට එළඹී සිටිති.ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය තුළ ඉල්ලීම් 06ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය වෙත ඉදිරිපත් කර ඇති අතර,

එනම් අලුතෙන් පත් වූ කපිතාන්වරු සදහා එම තනතුරට නියමිත වැටුප පෙර පරිදිම ලබාදීම,උපගුවන් නියමුවන් සඳහා ලැබිය යුතු කනිෂ්ඨ උපනියමුවන්ගේ සිට උපනියමුවන් දක්වා වූ උසස් වීම් සහ එයට අදාළ දීමනා පෙර පරිදිම ලබාදීම, ගුවන් නියමු උපදේශකවරුන් හට කරනු ලබන උපදේශක සේවාවලට හිමි ගෙවීම් පෙර පරිදිම ලබාදීම, ගිවිසුම් පරිදි ගුවන් නියමුවන් සඳහා වැටුප් ගෙවීමේදී ඩොලරය රුපියලට පරිවර්තනය කරන අගය පෙර පරිදිම එම මාසයේ සමාගම විසින් ප්‍රකාශිත අගයට ගෙන ඒම,



පසුගිය වසර දෙක තුළ මෙම අගය රුපියල් 188.78ක උපරිමයකට යටත්ව රඳවා තැබීම, ගුවන් නියමු කාර්ය කාලසටහනේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරි කටයුතු කිරීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් පෙර පරිදිම ලබාදීම සහ රාජකාරි කරන අතරතුර ලැබිය යුතු අනෙකුත් දීමනා පෙර පරිදිම ලබාදීමට කටයුතු කිරීම එම ඉල්ලීම් 06 වේ.මෙම ක්‍රියාමාර්ග, අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව ගුවන් නියමුවන් තමන්ට මාසිකව ඉටු කිරීමට ලැබෙන වැඩ කොටස කාලසටහනකට අනුව ඉටු කිව්වක් බවද

එම ගුවන් නියමු සංසදය මෙම නිවේදනය මගින් පෙන්වා දෙයිතමන්ගේ මෙම ඉල්ලීම්වලට සාධාරණ පිළිගත හැකි විසඳුමක් ලබාදෙනතුරු මෙම ක්‍රියාමාර්ගය තුළ රැඳී සිටීමටද මෙම ගුවන් නියමුවන්ගේ සංසදය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



(කටුනායක - ටී.කේ.ජී.කපිල)