tedros-who-speaks

ලොව කිසිදු රටක් COVID-I9 වෛරසය පරාජයට පත් කරමින් ජයග්‍රහණ හිමිකරගත් බවට සැමරුම් සිදු කිරීමට ඉක්මන් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදානොම් පවසයි.  පසුගිය අගහරුවාදා දිනයේදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අනතුරු ඇගවීම සිදුකර තිබේ. ඒ අනුව ලොව කිසිදු රටක් මේ ආකාරයට COVID-19  පරාජයට පත්කිරීම සම්බන්ධ උදම් අනමිත් ප්‍රකාශ සිදුකිරීම හෝ ඒ හේතුවෙන් වෛරසයේ සම්ප්‍රේෂණය වීම නැවැත්වීම සදහා ගන්නා මෙතෙක් උත්සාහයන් නැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉක්මන් නොවිය යුතුය යන්න ඔහුගේ අදහස වී තිබේ.



"කිසිදු රටක් මේ වෛරසයට එරෙහිව යටත් වීමක් හෝ එය පරාජය කිරීමක් සිදුකළ බව ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. මොකද මේ වෛරසය තවමත් ලෝකයට තර්ජනයක්. එය කොයි මොහොතකදී හෝ පරිණාමය වෙනවා” ටෙඩ්‍රෝස් පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙවැනි අනතුරු ඇගවීමක් සිදු කිරිමට ආසන්නතම හේතුව ඩෙන්මාර්තකය සිය COVID-19 සීමා සියල්ලක්ම පාහේ ඉවත් කිරීමට ගත් තීරණය බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ.



ඩෙන්මාර්කය එරට තුළ Omicron ප්‍රභේදයේ ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදුවන අතරතුරදීම, ඒ පිළිබදව නොසලකමින් මෙතෙක් පැවැති සීමා සියල්ලම ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අතර යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අතරින් මෙවැනි තීරණයක් ගත් පළමු වැනි රට බවටද ඩෙන්මාර්කය පත්ව තිබේ. එසේම ලොව බොහෝ රටවල් මෙම තීරණය ආදර්ශයට ගැනීමේ අවදානමක් පවතින බව සදහන් වෙයි.