temple-trees-bana-poya

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 219 වැන්න නවම් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (16) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


ධර්ම දේශනාව සඳහා වැඩම කලේ මහව, ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය මොරගොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේය.


‘‘අපේ රටෙත් මහා ශාපලත් යුද්ධයක් අවුරුදු තිස් ගානකට වඩා තිබුණා. එදා අපේ ජනාධිපතිතුමා, වත්මන් අග්‍රාමාත්‍ය අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ මේ රටේ සියලුම හමුදාවන් සම්බන්ධ කරගෙන මේ රටේ සියලුම ජනතාවගේ ආශිර්වාදය මත තමයි එදා ඒ මහා යුද්ධය කළේ. හැබැයි ඒ කරපු යුද්ධය කොසොල් රජ්ජුරුවෝ කලා වගේ සමූල ඝාතනයක් නෙමෙයි. අන්ධ වනේට ගිහිල්ලා සතුරන් ජීවග්‍රහනයෙන් අල්ලාගෙන උල තියල ඝාතනය කලා වගේ කියාවක් මේ යුද්ධයේදී සිද්ධ වුණේ නැහැ. ඉතාමත්ම හොඳට තෝරා බේරාගෙන මිනිස්සුන්ව ආරක්ෂා කරගෙන එතුමා මේ සටන මෙහෙයවූවා මානුෂික යුද්ධයක් හැටියට. අපි හැම කෙනෙක්ම ඒවා සිහිපත් කරන්නේ කෘතවේදීත්වයෙන් යුක්තව කෙළෙහිගුණ සැළකීමක් හැටියට. මේ ජනතාව මේ රටේ ඉන්න පිරිස අද වගේ මේ වගේ පුර පසළොස්වක පොහොය දවසක මේ විදිහට  නිදහසේ බණ අහන්නේ මේ රටේ ගමන් බිමන් යන්නේ
එදා ඒ අසහාය නායකත්වයෙන් යුක්තව කටයුතු කරපු අපේ ඒ ජනාධිපතිතුමන් නිසා’’

යැයි උන් වහන්සේ වදාළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු කලාකරුවන්, හෙද නිලධාරීන්, පෙර පාසල් පාලිකාවන් සහ පාසල් සිසුන් පිරිසක් ද එක්ව සිටියහ.