thilini-perera-swarnawahini
ස්වර්ණවාහිනියේ හිටපු ජනප්‍රිය නිවේදිකාවක වන තිළිනි පෙරේරා සිය අතීතය හා ආශ්‍රිත කරුණු ගැන එම නාලිකාවේම හිටපු ප්‍රධානියෙකු වන හරින්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකින් හෙළි කර තිබේ.
මීට මසකට පමණ පෙර රැකියාවෙන් ඉල්ලා අස්වෙමින් තිලිනි සුදේවට ලියූ ලියුමකින් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළාය.
තිළිණිට ස්වර්ණවාහිනී රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ හරින්ද්‍රම ඇය සමග අද මෙම සංවාදය පැවැත්වීම දෛවෝපගතය. එහිදී ඇය මෙසේ කියන්නීය.

‘ස්වර්ණවාහිනියට මං පය ගහන්නේ 2010 සැප්තැම්බර් මාසේ එතකොට මට අවුරුදු විස්සයි හරියට ම ....උසස් පෙළ කරපු ගමන්ම වගේ.... මම පොඩි කාලෙ ඉඳන්ම ඔය නිවේදන වැඩ වලට ආසයි,ස්වර්ණවාහිනිය ගැන මට මාර target එකක් තිබුණා මෙතෙන්ට යන්න ඕනේ කියලා....
ඒක හිතන්නවත් බැරි දෙයක්...මට ඒ දවස් වල ස්වර්ණවාහිනී lineup එක පවා කට පාඩම්....



ඒ තරම් මට ස්වර්ණවාහිනියට මාර කැමැත්තක් තිබුණා....ඇත්තටම ඒ කාලේ එකේ හිටියෙ presenters ලා හරි දැවැන්ත චරිත නේ...හරේන්ද්‍ර අයියා දිනූෂා අක්කා ඊට පස්සේ අනිත් පැත්තෙන් නිවුස් එකේ නදීක අයියලා චවිකා අක්කලා රන්සි අක්කා ලා news කියනකොට මට මාර ආසාවක් ආවා.... මං එතකොට හැමදාම compare කර කර බලනවා මට යන්න බැරි වෙයිද කියලා ....හැබැයි ඉතින් මට පෙනුමත් එක්ක බලනවා මං වගේ අය නෑනේ කියලා....ඇත්තටම ඊට පස්සේ ඒක ගැන හිතුවේ නැහැ ඔය අතරේ මම උසස් පෙළ කරලා bank එකක training job එකට ගියා.....ඒ යන අතර තමයි live at 8 එකට presenters ලා ගන්නවා කියලා...එතකොට ඕක දැකලා අපේ අයියා තමයි මට කිව්වේ දාලා බලන්න කියලා ....තේරෙයි කියලා කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ එකම දේ ඇත්තටම තිබුණේ පෙනුම සම්බන්ධයෙන් මටම තිබ්බ ප්‍රශ්න....

මම traning bank එකේ job එකට ගිහිල්ලා ඉන්න කාලේ මට ඕන උනා මේකට මාව ගන්න හිතන විදිහට ස්ටූඩියෝ එකකට ගිහිල්ලා photo එකක් අරගෙන සාරිය ඇඳලා ලස්සනට application එකක් හදලා දැම්මා....දාලා ඔන්න බැංකුවේ ඉන්නකොට දවසක් කෝල් එකක් ආවා interview එන්න කියලා......"

ඒ දවස්වල අපේ අම්මා තමයි මට ඇඳුම් හොයල දෙන්නේ....මං ඊට පස්සේ අම්මාට කිව්වා colourful සාරියක් ගේන්න කියලා....අම්මා එතකොට එහෙම සාරියක් ගෙනල්ලා තිබ්බා ....ඒකත් අරගෙන තමයි මම interview එකට ආවේ...,ඊට පස්සෙ පළවෙනි interview එකට ආවා....සාමාන්‍යයෙන් interview එකකට යනකොට තත්වෙ බලාගන්න පුළුවන්නේ...ගිහිල්ලා ඉඳගත්තා විතරයි ඔයා එන්න කියලා කිව්වා ....මං බැලුවා මාව කවුරුත් දන්නෙත් නෑ ,කොහොමද මේ මට එන්නේ කිව්වේ කියලා....පස්සේනේ මා විස්තර දන්නේ..... මාව ඊට පස්සේ interview කරන්න ගත්තා...පස්සේ මට news එකකුත් කියවන්න දුන්නා ....මම ඒක කියවනකොට හැමෝම නිශ්ශබ්ද උනා මට ඒකට හරිම සංතෝස හිතුනා ....මට එදා ඇත්තටම හිතුනා පළවෙනි එකෙන් ok වෙයි කියලා...ඊට පස්සේ පස්සෙ පලවෙනි එක ok වුණා...පස්සේ තව interview හතරක් විතර තිබ්බා...


අච්චර interview ආපු 300 ක් අතරින් මාව විතරයි ගන්න තරම් සුදුසුකම් ලැබුවේ....මුලින්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු දවස  මතකයි ඒකත් මට හදිස්සියෙන් කිව්වේ මට මතකයි ....මම ඇවිල්ලා සතියක් විතර ට්‍රේනිං ඉඳලා හදිස්සියේ ම තමයි මාව දැම්මෙ ...හදිස්සියෙම හෙට දොළහෙ එකක් කියවලා බලමු කියලා දොළහෙ නිවුස් එකක් කියවලා බැලුවා ඒක තමයි පළවෙනි එක...."

"මට ස්වර්ණවාහිනී ඇත්තටම මේ අවුරුදු ගානට මගේ ජීවිතයේ 1/3 එකක්....ඒ කාලයේ මට ලැබිච්ච දෙවල් මගේ ජීවිතේ ලොකු දේවල් .....දැං හරි කවුරුහරි තිලිනි පෙරේරා කියල කෙනෙක් දන්නව නම් ඒ දේවල් ස්වර්ණවාහිනිය නිසා ඇති වෙච්ච දේවල් .....ඒ නමට ලෝක එකට ඒ ආයතනයට තියෙන ගරුත්වය එහෙම්මම තියෙනවා මම පුද්ගලයෝ ගැන නෙමෙයි කතාකරන්නෙ චැනල් එක ගැනයි කතා කරන්නේ....ඒකත් එක්ක ලැබිච්ච දේවල් කියලා නිම කරන්න බැහැ....

පලවෙනිම දේ කියලා මම අදටත් කියන්නේ උසස් පෙළ කරපු ළමයෙක් හැටියට මට එතැනට ඇවිල්ලා මට ආශ්‍රය කරන්න මට රස්සාව කරගෙන ඉන්න ලැබිච්ච පිරිස වේදිකාවක් විදිහට මම ඇවිල්ලා නිවුස් කියන්න පුළුවන් වුණේ හරේන්ද්‍ර ජයලාල් කියන ප්‍රවීණ ම කෙනෙක් එක්ක....ඊට පස්සේ නදීක අයියලා ,චවිකා අක්කලා ,රංසි අක්කලා එක්ක ඒ ගොඩට මාව වැටිච්ච එක තමයි පළවෙනි එක ඊට පස්සේ ඇත්තටම මගේ හැකියාව පෙන්නන්න ලැබිලා එතනින් එහාට program කරන්න පුළුවන් කියලා මම හිතපු හින්දා කරන්න ආසාවකින් හිටියා....ඊට පස්සෙ කාලයක් යද්දි ඒව ලැබුණා....දේශපාලන වැඩසටහනක් කළා ටික කාලයක් හරි....ඒ හැම එකම මම හිතනවා මට ලැබිච්ච අවස්ථාවන් කියලා ....ඒ අතින් මම වාසනාවන්තයි හැම එකකින්ම දේවල් ලැබුණා ....."

මුලින්ම ප්‍රධාන සම්මානයක් හම්බ උනේ 2015 සුමති සම්මාන ය ...හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව....ඊට පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරලා 2019 රයිගම් සම්මානයට nominated වුණා....ඒක nominated උනේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට නෙවෙයි ...වැඩ සටහන් ඉදිරිපත් කිරීම යටතේ.....එතකොට මට හිතුනා එතකොට ඒ දෙකම nominated උන එක ගැන සතුටුයි...."



    " මම ශිෂ්‍යත්වය පාස් වෙලා නුගේගොඩ සමුද්‍ර දේවි එකට ගියේ.....මම ශිෂ්‍යත්වය කළේ ගොඩගම සුභාරතී විද්‍යාලය...මට ලකුණු 161 තිබුණා...මට සමුද්‍ර දේවි එක තමයි ලැබුණේ....අවුරුදු තුනක් විතර යනකම් මට කිසිම දෙයක් ලැබුණේ නැහැ අපි අලුතෙන් ගියපු ළමයි නිසා ....මම ඒක හින්දා ගොඩක් upset එකේ හිටියෙ....එක දවසක් ඒ කාලෙ හිටිය විදුහල්පතිතුමිය වසන්තා සරෝජනී රණසිංහ මහත්මිය තමයි දවසක් මාව නිවේදන තරඟයකට දාලා දිනලා certificate එක ඉස්කෝලෙට එවලා තිබ්බා...

ඒක ආවහම මේ බලන්න මේ ළමයා නිවේදන තරගයකින් දිනලා බලන්නකො ඕගොල්ලෝ announce කරන්න කවුරුත් නෑ කියනවා ඒ බලන්නකො ළමයි ඉන්නවා නේ කියලා මිස්ලට කිව්වා මාව ගන්න කියලා....ඒකෙන් තමයි media unit එකට ගියේ....එතනින් පස්සෙ මම ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව,media unit එකේ president වුණා ,සාහිත්‍ය සංගමයේ සභාපති වුණා,අන්තිම අවුරුද්දේ හොඳම නිවේදිකාව ඒ සේරම ඉස්කෝලෙත් උපරිම තැනට achieve කරා එහෙම කරගන්න...

තරඟය දිනපු කතාව කියන්න ඕනේ ඒකට ගියේ ඇත්තටම පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ chance මුකුත් මට ලැබෙන්නැති නිසා මට තේරෙනවා මට announce කරන්න පුළුවන් කියලා...මම ගෙදර ඉඳල පත්තර කියවනවා මයික් එකක් දැක්කත් ආසයි ....මම පත්තර බල බල නිවේදනයට chance තියෙනවද කියලා බලනකොට මම එක දවසක් දැක්කා...ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ නිවේදන පාඨමාලාව තියෙනවා කියලා දැක්කා ඒක තමයි....ඒක තමයි අපේ රත්නා පුෂ්පකුමාරි මිස්ගෙ ළමා කුසලතා සංවර්ධන වැඩ සටහනේ එතැනට සම්බන්ධ වුණේ ...."

 කථික තරග වලට වගේ ගියේ ඇත්තටම නැහැ... මම ඒ ශෛලිය ට ඇත්තටම කැමති නැහැ ඉස්කෝලේ යන කාලෙත් කථික තරඟ වලට කතා කරනවට මම කැමති නැහැ.....කවි කියන්න සින්දු කියන්න මුකුත් බැහැ මට අදටත් සින්දු කියන්න බැහැ....සින්දු ලියන්න කවි ලියන්න පුළුවන් ඒවා තියෙනවා....ඉස්කෝලේ යන කාලේ ඒ වගේ තරඟ වලට ගිහිල්ලා තියෙනවා...."

         
  "මම පොඩි කාලෙ ඉඳන්ම වුවමනාවක් තිබුණා කැම්පස් යන්නෙ නැහැ .....එකක් තමයි අපේ අම්මලා තාත්තලා හරිම අමාරුවෙන් තමයි අපිට ඉගැන්නුවේ...පොඩි කාලේ ඉඳන්ම මට තිබුණා අම්මලට මම කරදර කරන්න ඕන නැහැ....ටක් ගාලා මම මගේ ජීවිතේ හදාගන්න ඕනේ මගේ අදහසක් මට පොඩිකාලේ ඉඳංම තිබ්බා...හැබැයි කැම්පස් නොගියට මගේ educational qualifications මම කොහොම හරි හදාගන්න ඕනේ කියලා.....අනිත් එක තමයි ස්වර්ණවාහිනියට ආවට පස්සෙ මම තේරුම් ගත්ත දෙයක් තමයි පිට නිවේදන කටයුතු කරන්න පුළුවන් කාලයක් තියෙනවා....අපි වයසට යද්දි අයින් වෙන්න ඕනේ ඒ පැත්ත ගැන තේරුම් ගත්තහම මට හිතුනා මේකත් එක්ක මට වෙන සුදුසුකමක් හදාගන්න ඕනේ කියලා ....

ඒ සේරම හිතල තමයි නීති උපාධිය හදාරන්න පටන් ගත්තේ...ඒ කාලේ ඇත්තටම හරිම අමාරුයි මොකද ස්වර්ණවාහිනිය වැඩ කරන ගමන්...මේ සේරම එක්ක උපාධිය කරගන්න එක ලේසි වුණේ නැහැ.....ඒක නිසා මම දෙපාරක්ම fail උනා...
මට අවුරුදු හය හමාරක් ගියා...මට 2020 දි තමයි නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙන්න පුළුවන් වුණේ...

 මුලින්ම උසාවියක් ඉස්සරහ නඩුවක් කතා කරපු දවස  ඇත්තටම  මම මාර ආසාවෙන් හිටපු නඩුවක්...පොඩි දරුවෙක්ගේ දරුකමට හදා ගැනීම සම්බන්ධ නඩුවක්...දෙන්නෙක් ඉන්නවා ළමයෙක් හම්බ වෙලා ,ඒගොල්ලො තව යුවලකට ඒ ළමයව දීලා අපිට හදාගන්න බැහැ ආර්ථික දුෂ්කරතා තියෙනවා කියලා....අර ගොල්ලන්ට අවුරුදු පහළොවක් දාසයක් තිස්සය ළමයෙක් නැහැ....ඉතිං අර මිනිස්සු අර ළමයව දරුකමට හදා ගෙන...ඔය අතරේ කවුරුහරි කෙනෙක් තොරතුරක් දීලා ළමයෙක්ව සල්ලි වලට විකුණලා කියලා .....ඇත්තටම සල්ලි වලට නෙමෙයි විකුණලා තියෙන්නේ...එතකොට අර ළමයව ගත්ත මිනිස්සුන්ට විරුද්ධව උසාවියේ නඩුවක් දාලා මෙන්න මේගොල්ලො ළමයි ජාවාරම් කරන්න සල්ලි දීලා ළමයෙක් අරගෙන කියලා....

ඊට පස්සේ මිනිස්සු ඇවිල්ල කිව්වා මෙහෙමයි අපිට නඩුවක් දාලා ළමයව දීපු අම්මවයි තාත්තවයි හොයා ගන්න නැහැ .....ඒක බැලුවහම ඒ දෙන්නා බැඳපු දෙන්නෙක් නෙවෙයි....ඒ දෙන්නට වෙනම කසාද දෙකක් තියෙන දෙන්නේ....ඒ දෙන්න ඇවිල්ල කිව්වා නම් සල්ලි වලට නෙවෙයි දුන්නෙ කියලා ප්‍රශ්නයක් නැහැ....ඒ නඩුවේදී විනිසුරුතුමිය හිටියේ එතුමිය බොහොම සංවේදී වුණා ....ළමයා හදාගන්න ගත්ත දෙන්න දැනගෙන හිටියෙ නෑ අනිත් දෙන්න බැඳලා නැහැ කියලා....පොලිසිය හැඳුනුම්පත් අංක අරගෙන හොයාගෙන ගිහිල්ලා බලද්දි තමයි හොයාගෙන තියෙන්නේ වෙන කසාද දෙකක් බැඳලා තියෙන්නේ කියලා....එතකොට මම කිව්වා ඕක හොයාගෙන ගිහිල්ලා ඒ දෙන්නම උසාවියට කැදෙව්වා ඒ අයගේ පවුල් ජීවිත වලත් ලොකු ප්‍රශ්නයක් එනවා...ඒ දෙකම විනිසුරුතුමිය පිළිගත්තා...."



අම්මයි තාත්තයි අයියයි විතරයි ගෙදර ඉන්නේ.දැන් අයියා නැහැ අයියා බැඳලා දැන් වෙනම ඉන්නේ....අම්මයි මායි තාත්තයි බොහොම සතුටින් සමාදානයෙන් ඉන්නවා...."
*තාත්තා වරායට සම්බන්ධ ආයතනයක වැඩ කළේ....තාත්තගේ නම පැට්‍රික් පෙරේරා....අම්මා රංජනී පෙරේරා....අම්මා කඩුවෙල නගර සභාවේ වැඩ කළා...දැන් දෙන්නම විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්නවා...අයියා video editor කෙනෙක්..."
 ආයිත් කිසිම මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන මාධ්‍යවේදිනියක් බවට පත් වෙන්නේ නැහැ ඒකට පළවෙනි හේතුව තමයි පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණා ඇයි මෙහෙම අපි ඉන්නේ කියන එක ගැන... මාර කැප වීමෙන් මම රස්සාව කරපු එක්කෙනෙක් ...

එහෙම කරලත් අපි හිතන්නෙවත් නැති විදිහට චෝදනා එල්ල කරලා වට්ටන්න,මානසිකව පීඩා කරන්න දරන උත්සාහයන් වැඩියි කියලා මට හිතුණා ....ඒකත් එක්ක ඇතිවෙච්ච කළ කිරීමත් එක්ක ....ආයි මම ස්ථිර රැකියාවකට යන්නේ නෑ කියලා හිතුවා....නිවේදන කටයුතු කරද්දී වෙච්ච දේවල්,අන්තිම තත්පරේ වැඩ කරන හැටි ඒ දේවල් සේරම අපිට හරිම රසවත් ....

ඒවා ඇතුලට පුද්ගලබද්ධ සිද්ධි ඇතුල් වෙලා එක එක ප්‍රශ්න ඇතුල් කරනොකොට ඒවා එපා වෙනවා...මම ආසම නැති දෙයක් තමයි බොරු චෝදනා එල්ල වෙන එක....මට ආරංචි වුණා පහුගිය දවස් වලත් එක්තරා අය කියන්න සූදානම් වෙලා තිබ්බා අපිත් එක්ක තමයි වැඩ කරන්න බැරි කියලා....
කවුරු මොනා කිව්වත් මම ඔය ස්වර්ණවාහිනිය ඇතුලෙ ප්‍රශ්න ඇතිකරගෙන ඇතිකරගෙන තියෙන්නේ කාත් එක්කද කියල අයියා දන්නවද...ඒ එකම කෙනා අපේ නදීක අයියා ... වෙන කිසිම කෙනෙක් එක්ක මම ප්‍රශ්න ඇති කරගෙන නැහැ....එහෙම තියෙද්දි දැන් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැහැ කියලා චෝදනා එල්ල වෙනවා මට හරියට හිත රිදෙනවා ඇයි අපි මෙච්චර හොඳට ඉඳලත්.....මේ මෑතක් වෙනකම්ම කිසි කෙනෙක් එක්ක මගේ ජීවිතය ප්‍රශ්න නැහැ....
හැමතැනින්ම මට මොනා හරි දෙයක් ඉගෙන ගන්න ලැබුණා ...."

සාකච්ඡාව - හරින්ද්‍ර ජයලාල්
Text -gossiplankanews.com