tissa-bandaranayake-no-more

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස බණ්ඩාරනායක මහතා ඊයේ (20) අභාවප්‍රාප්ත විය.කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය. වේදිකාව ටෙලිනාට්‍ය හා චිත්‍රපට යන අංශ තුනෙහිම කැපී පෙනෙන චරිත සඳහා දායකවූ නළුවෙකි.
 භික්ෂුන් වහන්සේලාගේ චරිත නිරූපණය නිසා ඔහු වඩාත් ප්‍රකට විය.


1954 මාර්තු 8 වනදා මෙලොව උපත ලද තිස්ස බණ්ඩාරනායක කිරිබත්ගොඩ ස්ටැම්ෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර  1984 නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස එළි දුටුවේය.
තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.
කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍යවල මෙන්ම භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපටවලට රංගනයෙන් දායකවූ බණ්ඩාරනායක මහතා
ඒකාධිපති, මකරාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාට්‍ය නිර්මාණ 300 චරිත නිරූපණය කර ඇත.
තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 6.00ට සිදුකෙරේ.