tonga-elon-musk

සාගර අභ්‍යන්තර ගිනිකඳු පිපිරීමක් සහ ඉන් අනතුරුව හටගත් සුනාමි තත්ත්වය නිසා සිය අන්තර්ජාල සබදතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ටොංගා රාජ්‍ය එම සබදතා යළි පිහිටුවීමේ කටයුත්තට සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් ගේ spaceX සමාගම මැදිහත් වී ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව SpaceX සමාගම යටත් ක්‍රියාත්මක Starlink සමාගම් චන්ද්‍රිකා පාදක කරගත් අන්තර්ජාල සේවාව හරහා මෙම පහසුකම් යළි ප්‍රතිස්ථාපනය සැලසුම වී තිබේ.ටොංගාදූපතට අසල්වැසි ෆිජි දූපත්හි බලධාරින් මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට කරුණු අනාවරණය කර ඇත. පසුගිය ජනවාරි 15දා බලපෑ මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් ටොංගා දූපත් රාජ්‍යය වෙත අන්තර්ජාල සැපයුම සිදු කෙරුණු එකම මාර්ගය වූ සාගර අභ්‍යන්තර ඔප්ටික්-ෆයිබර් සබඳතාව බිදීමට ලක්විය. මෙය යළිත් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කල්ගතවනු ඇතැයි සඳහන් වෙයි. එතෙක් සීමාසහිත අන්තර්ජාල පහසුකමක් ටොංගාදූපත් වෙත ලබාදීම සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන ෆිජි දූපත්හි නීතිපති ජනරාල්වරයා. "SpaceX කණ්ඩායමක් දැනටමත් ෆිජි තුළ තමන්ගේ Starlink ද්වාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලයි තියෙන්නේ. ඒ හරහා කොංගා දූපත් යළිත් ලෝකය සමග සම්බන්ධ කරන්න පුළුවන් වේවි.” යැයි පවසා ඇත. කෙසේ වෙතත් SpaceX සමාගමේ මෙම මැදිහත් වීම සම්බන්ධයෙන් ටොංගා රාජ්‍ය පාලනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.