truth-social-trump

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන නවතම සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social වැඩසටහන මේ සතියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරිමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තතා කරයි.





අද වනවිට හිටපු ජනපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට එම සමාගම් කිහිපයක්ම පියවර ගෙන තිබේ. ඒ අතර ප්‍රධානතම සමාජ මාධ්‍ය ගිණුම් වන යටියුබ්. ටිවිටර්සහ බුද ඇතුළත් වයි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙම තහනම් කිරීම ක්‍රියාත්මක වූ අතර,මේ දක්වා එම තහනම් ලිහිල් වී නැත.

එවැනි පසුබිමදී වඩාත් සත්‍ය පුවත් ලබාදීමේ අරමුණින් තමන් මෙලස Truth Social නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කරන බව ට්‍රම්ප් වසරකට පමණ පෙරාතුව පවසා තිබුණි. ඒ අනුව ඊයේ දිනයට යෙදී ඇති එක්සත් ජනපදයේ ජනාධිපති දිනයේදී මෙම නව සමාජ මාධ්‍ය වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමේ අවස්ථාව ලබාදුන් අතර,

ඉරිදා දිනයේදී එය Apple App Store වෙත එක් කෙරිණි.

මෙම නව සමාජ මාධ්‍ය වැඩසටහන හිමි සමාගම ලෙස Trump Media”  Technology Group සමාගම නම්කර තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩේවින් නුනෙස්ට අනුව මෙම සතියේදී මෙම Truth Social වැඩසටහන ඇපල් ඇප්ස්ටෝර් හරහා ජනගත කිරීම සැලසුම වී තිබේ. එසේම ලබන මාර්තුවේ සිට එම වැඩසටහන එක්සත් ජනපදය තුළදී සම්පුර්ණයෙන්ම මෙහෙයුම් සිදු කිරීමට සැලසුම වී ඇත.