මෙන්ම COVID-19 ආශ්‍රිතයන් සදහා පනවා තිබූ නිරෝධායන සීමාවන් ඉවත් කිරීමක් සිදුව තිබේ.මේ අතර පූර්ණ එන්නක්කරයට ලක්ව ඇති සංචාරකයන් එරටට ඇතුළු වීදී තවදුරටත් PCR පරික්ෂමා වෙත සම්බන්ධ වීම අනිවාර්ය නැතැයිද ප්‍රකාශ කරන බව එරට ජාතික හදිසි අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය මෙහිදී සඳහන් කර තිබේ."ආර්ථික සහ සංචාරක ක්ෂේත්රයන් සම්බන්ධයෙන් සලකා බලා මේ ආකාරයට භෞතික දුරස්තභාවය පිළිබද සීමාවන් ඉවත් කිරීමක් සිදුව තිබෙනවා. එහෙත් සංවෘත පරිසරයක් තුළදී මුහුණු ආවරණ ද පැලදීම තවදුරටත් සිදුකළ යුතුව තිබෙනවා.” යනුවෙන් එහි වැඩිදුරටත් සටහන්ව ඇත. මේ අතර එක්සත් අරාබි එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරද එරට වෙනත් පළාත්වල සිට පැමිණි පිරිස තුළ තිබිය යුතු ඝෘණාත්මක PCR පරික්ෂණ වාර්තාවන් පිළිබද නීතිය ඉවත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ. විශේෂයෙන්ම එක්සත් අරාබිය තුළ දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,000 සිට 600ක් දක්වා පහත වැටීම මේ සදහා හේතුව බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.
0 Comments