යුක්රේනයට රුසියාව එල්ල කළ ප්‍රහාරය අඛණ්ඩව සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. රුසියානු ප්‍රහාරයෙන් මේ වන විට ළමුන් 33 දෙනෙකු ඇතුළු 198 දෙනෙකු මිය ගොස් ඇති බව යුක්රේනය ප්‍රකාශ කරයි. මීට අමතරව පුද්ගලයින් 1,115 දෙනෙකු තුවාල ලබා ඇත. රුසියානු ප්‍රහාරය හේතුවෙන් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ විකිරණ නිරාවරණය 20 ගුණයකින් වැඩි වී ඇති බව යුක්රේන බලධාරීහු පවසති. මෙම ප්‍රදේශයේ රුසියානු හමුදා ගමන් කිරීමේදී විකිරණශීලී දූවිලි අවට පැතිරී ඇත.
කෙසේ වෙතත් එය තවමත් දරුණු තත්ත්වයකට පැමිණ නැත. අනෙක් අතට, රුසියානු හමුදා කියෙව්හි ගෑස් නල මාර්ගයක් පුපුරුවා හැරි අතර ඒ සමගම Barsilkiv හි වෙඩි තැබීම් හේතුවෙන් ඛනිජ තෙල් ගබඩාවක් ගිනි ගත්තේය.රුසියානු ප්‍රහාරයෙන් පසු යුක්රේනයේ බසිල්කිව් තෙල් ගබඩාවේ ගින්න විශාල පැතිරීමකට ලක්වෙමින් පවතී.
රුසියානු හමුදා වඩාත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ කියෙව් අගනුවර, ඊසානදිග කාර්කිව් සහ දකුණු නගරය වන කෙර්සන් හිදිය. මෙම නගර තුනේදී යුක්රේන හමුදා පසුගිය පැය 24 තුළ රුසියාවට සෘජු තරගයක් ලබා දී ඇත. මේ වන විට යුක්රේන සරණාගතයින් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් පෝලන්තය, මෝල්ඩෝවා සහ රුමේනියාව වෙත ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පැවසීය.
යුක්රේනය රුසියාවට සහ බෙලරුසියාවට සිය දේශසීමා වසා දමා ඇත. යුක්රේන අගමැති Denis Schmihal සෙනසුරාදා සවස මේ බව නිවේදනය කළේය.
Facebook හි මව් සමාගම වන Meta විසින් සියලුම රුසියානු මාධ්‍ය ආයතන Facebook සහ Instagram හි දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. වීඩියෝ ප්‍රවාහ වේදිකාව යූ ටියුබ් රුසියානු රාජ්‍ය මාධ්‍ය RT ඇතුළු නාලිකා කිහිපයක් තහනම් කළේය.
රුසියාවේ, යුක්රේනයට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව විරෝධතා දැක්වූ 3,000 කට වැඩි පිරිසක් රඳවා තබාගෙන ඇතැයිද වාර්තාවේ.
යුක්රේනයට යුද ටැංකි නාශක අවි 1000ක්, ස්ටිංගර් මිසයිල 500ක් යවන බව ජර්මනිය පවසා තිබේ. රුසියාවට යන ගුවන් ගමන් ජර්මානු ගුවන් සීමාව හරහා ගමන් කිරීම ඔවුන් තහනම් කර ඇත.
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ගෙන් ඉල්ලා සිටියේ රුසියාවට UNSC හි ඡන්ද අයිතිය අහිමි කරන ලෙසයි.
රුසියාව මේ වන විට යුක්රේනයට මිසයිල 250කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත.
0 Comments