නිට්ටඹුව, කැටකාලපිටිය මහජන ක්රීඩාංගණයේදී ඊයේ (27)දා දින මෙම සභාව පැවති අතර, දට්ටඹුව හා කැටකාලපිටිය ඇතුළු ග්රාම සේවා වසම් හයකට අයත් නියෝජිතයන් 400ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම කොට්ඨාස සභාව පිහිටුවීම සිදුකෙරිණි.ම
ේ අවස්ථාවට ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සභාව අමතමින් සිටියදී පුද්ගලයෙකු සභාව මැදදී එම සභාව කඩාකප්පල් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මන්ත්රීවරයා ද එම පුද්ගලයා ඉවත් කරන ලෙස පොලිස් නිලධාරීන් හට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු එම ස්ථානයට පැමිණි බලවත් පරිශ්රමයක් දරා එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කර රැගෙන යද්දී
ඔහු පැමිණි යතුරුපැදියද එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.මේ අවස්ථාවේ විජිත හේරත් මන්ත්රීවරයා කරණු දක්වමින් මේ වනවිට රට පුරා විශාල වශයෙන් පක්ෂ පාට බේදයකින් තොරව ජනතාව ජාතික ජනබලවේගය වටා ඒකරාශී වීම දරාගත නොහැකි බංකොලොත් රටේ විනාශයකට දායක වී ඇති දේශපාලකයන් මෝඩ පුද්ගලයන් කඩා කප්පල්කාරී ක්රියාවන් සඳහා යොමු කර ගන්නා බවත්, එම පුද්ගලයාට අපි අනුකම්පා කළ යුතු බවත් පවසා සිටියේය.එවැනි කඩාකප්පල්කාරී වැඩවලින් ජාතික ජන බලවේගයේ ගමන නැවැත්වීමට නොහැකි බව
මෙවැනි පහත් උසි ගැන්වීම් කරන බංකොළොත් දේශපාලකයන්ට මතක් කර දෙන බවද මන්ත්රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කළේය.
එසේ කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයා පැමිණි බවට සැක කෙරෙන . යතුරුපැදිය පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරි පිරිසක් පැනගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පවත්වති.
(වාරණ ආනන්ද ඉ ජයකොඩි)-
0 Comments