wasudewa-speaks

අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.‍

 "මේ අවස්ථාවේ පවතින්නා ඩොලර් හිඟය අපි විසඳාගත යුතුයි. ඩොලර් කෙලීන්ම ණයට ගන්න ගියාම කොන්දේසි පනවනවා එම කොන්දේසි රටට ඉතාමත් අපලයි. මේවයේ පොලීය පමණක් නෙවෙයි ප්‍රමාද ගාස්තුත්, දඩ පොලීත් අය කරනවා ඒ වගේම මේ මේ දේවල් කළ යුතුයි. නොකළ යුතුයි කියලා නීතිත් දානවා. ඉතින් ඒ හැම දෙයක්ම අපේ රටේ ජන ජීවිතයට අහිතකර ලෙස බලපානවා.දැන් තියෙනවා ප්‍රාග්ධන වෙළෙඳ පොළක්,



ඩොලර් මාර්කට් එකක් අපට ඕන වෙලාවට පුළුවන් මේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණයට ඩොලර් ගන්න නමුත් ඒවායේ කොන්දේසි හා පොලී සැලකිල්ලට ගත්තම අපේ රටට දරාගත නොහැකි තත්ත්වයක් තමයි පවතින්නේ. යහමින් මුදල් හදලා තියෙන අයට මේ තත්ත්වය බලපාන්නේ නෑ. නමුත් සාමාන්‍ය ජනතාවට මේ තුළින් බරපතළ පීඩනයකට යටත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි ඒ තත්ත්වයට යන්නේ නැතුව කෙසේ හෝ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. මේ සඳහා ඩොලර් ඉපැයීමට කඩිනමින් සහ ක්‍රමවත්ව කටයුතු කළ යුතුයි. මේ සඳහා අපේ සංචාරක කර්මාන්තය, අපනයන ආර්ථිකයත් සංවර්ධනය කළ යුතුයි.



ඒ සඳහා රය වඩා ප්‍රමුඛතාවක් ලබාදී කටයුතු කරනවා. මේ වනවිට අපේ සංචාරක ව්‍යාපාරයත් අපනයන කර්මාන්තයත් යහපත් මාර්ගයකට යොමුවෙමින් පවතිනවා. එය විශාල සතුටක් මෙන්ම දැවැන්ත සහනයක්. ඒ වාගේම අපේ ආනයනයන් අඩු කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. දැනට වාහන ගෙන්වීම නැවැත්තුවා මේ තුළින් යම් සහනයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අත්‍යවශය නොවන සෑම දෙයකම ආනයනය හැකි තරම් දුරට නැවැත්විය යුතුයි. භාණ්ඩයක් හිඟ වනවිට එම හිඟ වන භාණ්ඩයේ මිල වැඩි කළොත් එය මිලදීගත හැක්, වැඩියෙන් මුදල් අතේ තියෙන අයට පමණයි. ඒ තුළින් හිඟය පිළිබඳ ගැටලුව විසදෙනවා.

නමුත් සාමාන්‍ය ජනතාව මේ තුළින් ඉතාම අසීරුතාවකට පත් වෙනවා.

එක්කෝ අඩුවෙන් පාවිච්චි කරනවා. නැත්නම් මිලදී ගැනීම අතහැරලා දානවා. ඒ නිසා සල්ලි මුදල් නැති අයට වෙළෙඳ පොළ තුළ සිදුවන මේ අහිතකර තත්ත්වය නැති කරන්න අපි යෝජනා කරනවා. භාණ්ඩයක් හිඟ නම් රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතුයි. " -