දැනට සිරගතව සිටින පාතාල නායක "තණමල්විල ආප්ප සුද්දා" ගේ මෙහෙයවීම යටතේ යාල රක්ෂිතයේ මහා පරිමාණ කංසා හේනක් වටලා රුපියල් කෝටි 5කට අධික වටිනා කංසා සහ වියළි ගංජා තොගයක් අල්ලා ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පසුගියදා සමත් විය.
එහිදී අටදෙනෙකු අත්අඩංගුවට පත්විය.32 කින් සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (12) මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් බාරයේ තිබී මොර්ගන් වර්ගයේ ගිනි අවි තුනක්ද හසුවිය.
අඩි 5 1/2 උසට වවා තිබූ කංසා පැළ 9300 ට අධික ප්‍රමාණයක්, වියළා ප්‍රවාහනයට සූදානමින් තිබූ කංසා කිලෝ 308කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි.
ඩ්‍රෝන යානාවකට පවා හඳුනාගත නොහැකි ආකාරයට ගස්වලින් වැසෙන ආකාරයට සැලසුම් කර යාල රක්ෂිතයේ ගගේ වනජීවී කාර්යාලයේ සිට කිලෝ මීටර් 35 ක පමණ දුරින් මෙම කංසා හේන පවත්වාගෙන ගොස් ඇත.
කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලට මහ පරිමාණයෙන් බෙදා හැරීමට මේවා වවමින් සිට ඇත.
0 Comments