A-gazette-making-the-price-of-a-paracetamol-tablet-2.30

මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ලෙසට ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


එය පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.
පසුගිය දිනවල වෙළෙඳපොලේ ජනප්‍රිය පැරසිටමෝල් වර්ගයක් වන පැනඩෝල් හිඟයක් මතුවූ අතර එයට හේතුවූයේ ඩොලර් අර්බුදය සහ ඖෂධ අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන වියදම පියවාගන්නට පැවති මිල ප්‍රමාණවත් නොවීමයි. මේ නිසා පැනඩෝල් තොගවෙළෙඳපොලේ අඩු විය.
මිල වැඩි කිරීමෙන් පසු තොග යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.