වයස අවුරුදු හයක සිය දරුවා අකීකරු යැයි අසල්වාසී නිවසක කාන්තාවක් පැවසීම නිසා ඊට උරණ වී හැන්දක් රත්කොට දරුවාගේ සිරුර පිළිස්සු මවක් පෙරේදා 1 වැනිදා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි. පිළිස්සුම් තුවාල ලැබූ අවුරුදු හයක දරුවා ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි. කිරුළපන තලකොටුව පාර ප්රදේශයේ නිවෙසක පදිංචිය වයස අවුරුදු හයක දරුවකු වාසය කර ඇති අතර එම දරුවා නිරන්තරයෙන් කෙළිලොලින් දවස ගත කර ඇතැයි පැවසේ. මේ අතරතුරදී යාබද නිවෙස්වලට ද යමින් එමින් කාලය ගත කරන දරුවාගේ හැසිරෙන විලාසයට අසල්වාසී නිවසක කාන්තාවක අප්රසාදයෙන් සිට ඇති අතර ඒ බව විටින් විට දරුවාගේ මවට පවසා ඇතැයිද පොලීසිය කියයි.
මේ අතරතුරදී දරුවාගෙන් අසල්වාසී තමන්ට කරදරයක් බවත් දරුවාගේ අකීකරුකම හදා ගන්නා ලෙසත් පවසමින් යාබද නිවසක කාන්තාවන් පසුගියදා දරුවාගේ මවට ආවේගශීලීව පවසා තිබේ..මේ පිළිබඳව උරණ වූ මව දරුවාට පහර දී ඇලුමිනියම් හැන්දක් ගෙන ගින්දරෙන් රත්කොට දරුවාගේ අත්පා ස්ථාන කිහිපයක් පුළුස්සා තුවාල සිදුකොට ඇතැයි පැවසේ. ඒ අනුව විලාප නගමින් සිටී දරුවා ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා කිරුළපන පොලීසියේ සිදුකළ පැමිණිල්ලකට අනුව දරුවා පිළිස්සූ බව පැවසෙන මව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන තලකොටුවවත්ත ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.ඇය අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න-
0 Comments