අද (16) දින හෝමාගම නගරයේ ගෑස් මිලට ගන්නට පැමිනි පාරිභෝගිතයින් පිරිසක් ගෑස් නොමැතිවීම නිසා විරෝධතාවයක්පළ කර තිබෙන අතර විශාල පිරිසක් නගරයේ ගෑස් මිලට විකුණන ස්ථාන ආසන්නයේ රජයට සිය විරෝධය පළ කර තිබේ.
පාරිභෝගිකයින් පෙළට ගෑස් සිලින්ඩර සිටුවා පාර අවහිර කර තිබේ.
මේ හේතුවෙන් උදෑසන හෝමාගම හයිලෙවල් මාර්ගය කොටසක් අවහිරවී ඇතැයිද විශාල මාර්ග තදබදයක් මතුව ඇතැයිද වාර්තාවේ.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16 වැනිදා) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා තිබේ. ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15 වැනිදා) පස්වරුව වන විට අවසන් වී තිබු බව ඔවුන් දන්වා ඇත..
0 Comments