ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙමින් තිබියදී සමුළු භූමියේ නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධව රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමෙන් මෝසමක් 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (15දා) සවස
ප්‍රතික්ෂේප කළාය.පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30වැනිදා සවස කලගෙඩිහේන උත්සව ශාලාවකදී පැවැත්වෙමින් තිබියදී සමුළු භූමියේ නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කරපැන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි පිරිසක් විසින් අල්ලා නිට්ටඹුව පොලීසියට භාරදී තිබිණි. එසේ පොලීසියට අල්ලා දුන් විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනෙකු වන ආනන්ද බණ්ඩාර හා රන්මල් අසිත කුමාර යන දෙදෙනා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැර බී’ වාර්තාවක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මේ පිළිබඳ ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාරපේලි මහතා පෙර දිනයක එම ‘බී’ වාර්තාව මෝසමක් මගින් කැඳවා පොලීසිය අධිකරණය පවා නොමග යවමින් බිත්තර ප්‍රහාරයට සම්බන්ධව අල්ලා පොලීසියට භාරදුන් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැර ඇති බව පවසා සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම සලකා බලා වහාම එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිට්ටඹුව පොලීසියට නියෝග කෙරිණි.
එම නියෝගයට අනුව නිට්ටඹුව පොලීසිය ආනන්ද බණ්ඩාර හා රන්මල් අසිත කුමාර යන සැකකරුවන් දෙදෙනා පසුගිය 07 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය
ඔවුන් දෙදෙනා මේ මස 21වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළාය. නීතිඥ ඉරෝමී හේවමල්ලිකාරච්චි. මහත්මිය ඊයේ (15දා) එම නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥ හරීන් හෙට්ටිආරච්චි මහතා කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින මෙන් මෙහිදී ඒකපාක්ෂිකව කරන ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ අතර,
නඩුව නැවත කැඳවීම මේ මස 21වැනිදාට කල් තැබිණි. මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ඉරෝෂ් හේමල්ලිකාරච්චි මහත්මිය සමග ධනු සමරසිංහ හා හරින් හෙට්ටිආරච්චි යන නීතිඥ මහත්වරු ඇප ඉල්ලීම සිදුකළහ.
(වාරණ ආනන්ද ඉ ජයකොඩි)-
0 Comments