ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් පසුගියදා සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනවලින් පසු විදුලි බල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කර ගැනීමේ අරමුණින් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) රජයෙන් 50%ක ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර එයට තවත් දින කිහිපයකින් අවසන් අනුමැතිය ලැබෙන්නට නියමිතය.
පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර ලංවිම 35%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් ඉල්ලා සිටි අතර ඉන්ධන වැඩිවූ පසු එම ගාස්තු වැඩිවීම තවත් සියයට 15 කින් එක්කාසුවීම සිදුවිය.
CEB සභාපති M.M.C ෆර්ඩිනැන්ඩෝ මහතා පැවසුවේ අඩුම තරමින් වැඩි පාඩු නොලබා ආරක්ෂිත ආන්තිකයක සිටීමට ලංවිමට ගාස්තු සංශෝධනය අත්‍යාවශ්‍ය දෙයක් බවයි. මේ වන විට නිෂ්පාදන වියදම රුපියල් කෝටි 100 දක්වා ඉහළ ගොස් ඇති බවද රුපියල් 29ක් වන ඒකකයක් විදුලිබල මණ්ඩලය අලෙවි කරන්නේ රුපියල් 9 ක්පමණ පාඩු ලබමින් බවත් පවසා ඇත.
“අපි රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් ලබනවා. ඒකකයකට රුපියල් 9ක්” යනුවෙන් ෆර්ඩිනැන්ඩෝ මහතා අවධාරණය කර ඇති අතර, පාඩුව අවම කර ගැනීම සඳහා මණ්ඩලය අවම වශයෙන් ඒකක මිල රු. 25 හෝ රු. 26 දක්වාවත් ඉහළ දැමිය යුතු යයි පවසයි.
මෙය සිදු කරන්නේ ලාභ ඉපැයීමට නොව හුදෙක් ආරක්ෂිත මායිම්වල රැඳී සිටීමට බව ඔහු අවධාරණය කළේය. වැඩිදුරටත් කරුණු දක්වමින් ලංවිම සභාපතිවරයා සඳහන් කළේ ගාස්තු ඉහළ නැංවීම පිරිවැය ඵලදායී විය යුතු බවයි.
තෙල් සංස්ථාව පෙට්‍රල් (ඔක්ටේන් 92) රු. 77 කින් සහ ඩීසල් (ඔටෝ) රු. 55, මහ බැංකුවේ (CBSL) නම්‍යශීලී විනිමය අනුපාතිකයෙන් පසු දින තුනක් ඇතුළත මුදල් ඒකකයේ 30%කට ආසන්න අවප්‍රමාණය වීමක් සිදු වුණා. දින හතක් ඇතුළත රුපියල දෙවතාවක් අවප්‍රමාණය වී ඇත.මේ නිසා ලංවිමට දරාගන්නට බැරි තත්වයක් උදාවී ඇත. ඔහුගේ තර්කයයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය විසින් විදුලි බිල වැඩි කරන ලෙස කරන ලද ඉල්ලීම මේ වන විට කොමිෂන් සභාව විසින් ඇගයීමට ලක් කරමින් පවතින අතර, එම ඇගයීම අවසන් වූ පසු කොමිසම විසින් සිය නිර්දේශ ලබා දෙන බව ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුගමනය කළ යුතු දීර්ඝ ක්‍රියාවලියක් පවතින බැවින් එම කොමිෂන් සභාවේ නිර්දේශ නොමැතිව විදුලිබල මණ්ඩලයට ගාස්තු වැඩි කළ නොහැකි බව PUCSL සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සති දෙක තුනක් ගත වන පාර්ශවකරුවන්ගේ අදහස් සඳහා වියදම් පුරෝකථනය සහ තීරුබදු කාලසටහන සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පළ කළ යුතුය. එවිට කොමිෂන් සභාව මහජන අදහස් විමසීම් පැවැත්විය යුතු අතර පාර්ශවකරුවන්ගේ අදහස් සහ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තීරුබදු යෝජනාව සංශෝධනය කළ යුතුය.
විදුලිබල මණ්ඩලයට අනුව 2014 සිට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවී නොමැත.
0 Comments