Grandmothe‍ෙs-grandson-caught-with-20000-gold-jewelery

නිවසේ නතර කරගෙන සිටි ඥාති පුත්‍රයකු විසින් එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට වැඩි රන් බඩු සොරකමක් සම්බන්ධයෙන් ඉකුත්දා (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකරු මවගේ ඥාති නිවෙසක නවාතැන් ගෙන සිටියදී එම නිවෙසේ සිටි මිත්තණියගේ දෙලක්ෂ තිස් දහසක් වටිනා රන්  භාණ්ඩ මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය කියයි.නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබූ රන්මාල දෙකක්, මුදු දෙකක් කිසියම් අයෙකු සොරාගෙන ඇති බවට සීප්පුකුලම කිරිමැටියාව ප්‍රදේශයේ කාන්තාවක පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රැකියාවක් නොමැතිව නිවසේ සිටි එම තරුණයා එක්වරම අලුතින්

ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම පිළිබඳව සැක සිතු මිත්තනිය ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය. මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන, මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.