He-stole-the-handbag-of-a-foreign-couple-took-the-money-and-put-the-documents-in-the-truck

විදේශීය සංචාරක යුවළකට අයත් රුපියල් ල හතරක් පමණ වටිනා ඩිජිටල් කැමරාවක් සහ මුදල්, බැංකු කාඩ් අඩංගු අත් බෑගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නරය පිරිසුදු කරන්නියක අත්අඩංගුවට ගෙන ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

මෙම විදේශ යුවළ මහනුවරට පැමිණ කොටුගොඩැල්ල වීදියේ බැංකුවක් ඉදිරිපිට විදේශිකයාට අයත් අත්බෑගය එහි තිබූ බැමක් උඩ තබා ඔහුගේ බිරිඳද එහි තබා ඒ අසල තිබූ සුපිරි වෙළෙඳසලකට ගොස් ඇත්තේ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහායි. විදේශිකයා නැවත පැමිණීම ප්‍රමාද වූ බැවින් ඔහුගේ බිරිඳ අදාළ සුපිරි වෙළෙඳ සලට පැමිණ ඇත්තේ තම සැමියා සොයා ගෙනයි.

බිරිඳ පැමිණියත් තම අත් බෑගය ඇය ගෙනැවිත් නොතිබූ බැවින් නැවත ගොස්  පරික්ෂා කරද්දී අණෑගය එහි නොවීමෙන් මහනුවර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ.  සංචාරක පොලිස් නිලධාරින් එහි පැමිණ අවට නිරික්ෂණ කැමරා පරික්ෂා කිරීමේදී මහනුවර මහ නගර සභාවේ නගරය පවිත්‍ර කරන්නියක එම බෑගය රැගෙන යන ආකාරය නිරීක්ෂණය වී තිබේ. පසුව පොලිස් නිලධාරින් මහනුවර මහ නගර සභාවට ගොස් එහි බලධාරීන් හමුවී එම සේවිකාව ගෙන්වා දිගින් දිගටම ප්‍රශ්න කළත්  ඇය පවසා ඇත්තේ ඇය එවැන්නක් නොගත් බවයි.

පොලිස් නිලධාරින් ඇය එය ගන්නා ආකාරය අඩංගු දර්ශන පෙන්වීමෙන් අනතුරුව ඇය වරද පිළිගෙන තිබේ. ඉන් අනතුරුව ඇයගේ නිවෙසට ගොස් ඩිජිටල් කැමරාව අත්අඩංගුවට ගෙන ඇති අතර මුදල් ඇයට වියදම් වූ බවත් බෑග් එකේ තිබූ බැංකු කාඩ්පත් ඇතුළු අනෙකුත් ලියකියවිලි නගර සභාවේ කුණු ලොරියට දමා යැවූ බව පවසා තිබේ.

ෂේන් සෙනවිරත්න -