How-the-heart-of-the-woman-who-set-fire-to-the-pile-of-rubbish-stopped-and-fell-into-the-fire-pit-and-died

හෘදයාබාධයකට  ප‍්‍රතිකාර ලබමින් සිටි 77 හැවිරිදි වයෝවෘද්ධ අවිවාහක කාන්තාවක තමන් පදිංචි නිවස සමීපයේ කසළ ගොඩට ගිනී තැබීමේ දී ගිනි ඇවිළෙමින් තිබූ එම කසළ ගොඩට වැටී ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධියක් 15 වැනිදා පොතුහැර පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.





මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ උඩකොටුව, ඉහළ නාකලගමුව , කොහිලේකන්ඳ පදිංචි බස්නායක මුදියන්සේලාගේ සීලවතී නැමති (77) අවිවාහක කාන්තාවකි. පදිංචි නිවස සමීපයේ ගොඩගසා තිබූ කසළ ගොඩට ගිනි තැබීමට පසුගිය 15 වැනිදා ගිය මොහොතේ ඇයට හෘදයාබාධයක් ඇතිවීම නිසා ඇය  ගිනි මැළයට වැටී ඇත. ඇගේ කඳකොටස (ඇඳුමි ඇඳි කොටස) ගිනි  ගැනීම නිසා ශරීරය පිළිස්සී ඇතත් හිස ඇතුළු කොටස පිළිස්සී නො තිබුණි.



කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පිළිස්සී ජීවිතක්ෂයට පත්වූ කාන්තාව හෘද රෝගයකින් පෙළෙණු බවට  නිගමනය කරඇත. මියගිය කාන්තාව හෘද රෝගය සඳහා ප‍්‍රතිකාරගත් වෛද්‍ය වාර්තා මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් විය.පොතුහැර පොලිස් ස්ථානාධිපති පො.ප. ප‍්‍රගීත් පේ‍්‍රමසිරි මහතාගේ උපදෙස් මත පො.සැ. (13766) සුමේධ පතිරණ මහතා පොලිස් පරීක්ෂණ මෙහෙය වීය.