Kamala-Harris-criticizing-a-mischievous-smile-while-talking-about-a-Ukraine-issue

යුක්රේනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනපති උපජනපතිනි කමලා හැරිස් ‘සිනාසීමක් ‘ සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබෙයි.


එක්සත් ජනපදය යුක්රේන සරණාගතයින් භාර ගන්නේ දැයි ඇසූ විට එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් නුසුදුසු සිනහවක් පෑ බව මාධ්‍ය වාර්තාවක දැක්වේ.
හැරිස් මහත්මිය සහ පෝලන්ත ජනාධිපති Andrzej Duda සමග Warsaw හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මෙම අමිහිරි අවස්ථාව සිදුවිය‍.
එක්සත් ජනපදය යුක්රේන සරණාගතයින් පිළිගැනීම හෝ වෙනත් ආකාරයකින් පෝලන්තයේ මානුෂීය සම්පත් මත පීඩනය ලිහිල් කිරීමට උදව් කිරීම පිළිබඳව නායකයන් දෙදෙනාගෙන් විමසා තිබුණි
වාර්තාකරු කතා කර අවසන් වූ පසු, දෙදෙනාම එකිනෙකා දෙස බැලුවේ එකිනෙකා පළමුව පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරන්නාක් මෙනි.
අදාළ වීඩියෝව මේ සමග පළවේ.