ඉන්දියාවේ ජලන්දර්හි මල්ලියන් කුර්දහි (නිවින් මල්ලියන්) පැවැති කබඩි තරගයක් අතරතුරදී ප්‍රසිද්ධ ජාත්‍යන්තර මට්ටමේ කබඩි ක්‍රීඩකයෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. පෙරේදා (14දා) ප.ව. 6.15 - ප.ව. 6.30ත් අතර කාලයේදී මෙය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සන්දීප් සිං නන්ගල් නමැති 38හැවිරිදි ක්රීඩයෙක්ය. ඔහු සවස් වරුවේ ආරම්භ වීමට නියමිතව තිබූ තරගයකට සිය කණ්ඩායම සමග පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී තිබේ. සදීප් තරගාවලි තුමියට පැමිණෙන විට නාඳුනන ප්‍රහාරකයන් පිරිසක් ඔහුට වෙඩි තබා ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත. මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත්වන සංදීප්, එරට කබඩි කණ්ඩායමද නියෝජනය කර ඇත.
ලොව හොඳම කබඩි ක්‍රීඩකයන් පස්දෙනාගෙන් එක් අයෙකුද වන ඔහු මේජර් කබඩි ලීග් සම්මේලනයේ ප්‍රධානියාද වෙයි.දෙදරු පියෙකු වන සංදීප් සැම වසරකම ශීත සෘතුවේදී කබඩි තරගාවලි සඳහා සහභාගි වීමට ඉන්දියාවට පැමිණෙන බව වාර්තා වේ.මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලද පොලීසිය සඳහන් කර සිටින්නේ පෞද්ගලික එදිරිවාදිකමක් හෝ වෘත්තීමය ඊර්ෂ්‍යාවක් මෙම වෙඩිතැබීමට හේතුව විය හැකි බවයි.කෙසේ නමුත් කබඩි ක්ෂේත්රයේ ආරංචිමාර්ග පවසන්නේ කබඩි ක්‍රීඩාව යනු ඉන්දියාව තුළ දැවැන්ත ධනස්කන්ධයක් හුවමාරුවන ක්‍රීඩාවක් නිසා
ඇතැම් පුද්ගලයන් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ යුත්තේ කුමන කණ්ඩායමටද යනුවෙන් බලපෑම් කරන බවයි. ඊට එකඟ නොවන ක්‍රීඩකයන්ට සංදීප්ට අත්වූ ඉරණම උදාවන බවද වාර්තා වේ.-
0 Comments