Many-residential-and-commercial-multi-storey-buildings-in-Colombo-are-on-the-verge-of-collapse-under-the-new-UDA-rules

අද (9) දින ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වා ඇති නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) ලලිත් විජයරත්න පවසා ඇත්තේ රට තුළ ඇති සියලුම නේවාසික සහ වාණිජ බහු-මහල් ගොඩනැගිලි, විශේෂයෙන්ම කොළඹ නගරය ආහ්‍රිතව ගොඩනැගිලි අනුමත නීති අනුව යටතේ යා යුතු නමුත් බොහෝ ඒවා අනුමැතියට පිටින් වෙනස්කම් කර ඇති බවත් නව නීති යටතේ එවැනි දෝෂ හඳුනාගැනීමෙන් පසු  විශාල දඩ මුදල් ගෙවීමට හෝ ගොඩනැගිලි කඩා දැමීමට හේතු විය හැකි බවයි.


නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් මගින් දැනට පවතින ගොඩනැගිලි ව්‍යුහයන්ගේ උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීම සිදුවන අතර එය ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත ස්වාධීන උපදේශක කමිටුවක් බව කියැවේ.
මේ වසරේ මැයි මාසය වන විට මෙහි කටයුතු ආරම්භ වන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා දන්වා ඇත.

ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් ඉදිකරන ලද මහල් නිවාස ඉදිකිරීම් නිසා කොළඹ අහස ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බවත්, බොහෝ සංවර්ධන ගොඩනැගිලි සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී, විශේෂයෙන්ම මහල් නිවාස සංකීර්ණවල නීති උල්ලංඝනය කරමින් නීතිය කඩ කර ඇති බව පෙනී ගොස් ඇති බවද දන්වා ඇත.



නාගරික සංවර්ධන අධිකාරියට සාමාන්‍ය ජනතාවගෙන්, බොහෝ විට බහු මහල් නිවාස සංකීර්ණවල කුලී නිවැසියන්ගෙන්, අයථා ඉදිකිරීම් සහ නිසි අනුමැතියක් නොමැතිකම හේතුවෙන් ඔවුන් විඳවන දුෂ්කරතා සහ ආරක්‍ෂාව පිළිබඳ පැමිණිලි මාලාවක් ලැබී තිබු බව දක්වන අධිකාරිය මෙම පියවරට හේතුයේ එම පැමිණිලි බවද කියා තිබේ.