නවසීලන්තයේ කොරෝනා එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම සම්බන්ධ දැඩි නීතිරීති වලට විරෝධය පළ කරමින් කණ්ඩායම් වශයෙන් ගොනුවී සිදු කළ පාර්ලිමේන්තු විරෝධය දැඩි ස්වරූපයකින් අවසන් කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පිරිස දින ගණනාවක සිට පාර්ලිමේන්තුව අසළ කූඩාරම් අටවාගෙන සිය විරෝධය දක්වමින් සිටි බව කියැවිණි.
පාර්ලිමේන්තු විරෝධතාවයේ ප්‍රචණ්ඩකාරී අවසානයේ පොලිසිය ගම්මිරිස් ප්‍රහාර පවා සිදු කළ අතර පුද්ගලයන් 100 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ගිනි තැබීම, කලකෝලාහල කිරීම සහ ප්රචණ්ඩත්වය අවුලුවාලීම ඇතුළු චෝදනා ඔවුනට එල්ල වී තිබේ.
අද දින අතිරේක පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් සහකාර කොමසාරිස් රිචඩ් චේම්බර්ස් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
ප්රචණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකුට සහ අනවසරයෙන් ඇතුළුවීම හෝ බාධා කිරීම් සම්බන්ධයෙන් 78 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
පොලිසිය පැය ගණන් දර්ශන නැරඹීමෙන් නීති විරෝධී ක්‍රියාවන් සිදු කළ අය සොයා ගැනීම සඳහා සැලකිය යුතු පරීක්ෂණයක් ක්‍රියාත්මක විය.
ප්රචණ්ඩ ක්‍රියා අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ඊයේ රෝහල් ගත කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මේ වනවිට පිටව ගොස් ඇත.
0 Comments