No-ceasefire-but-agrees-to-humanitarian-corridor-Russia-informs

රුසියානු ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා යුක්රේන හමුදා සිකුරාදා (මාර්තු 4) 9 වැනි දිනටත් සටන් කරති. බොහෝ දෙනෙක් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල තවමත් ජීවිතය ගැන බියෙන් අතරමංව සිටිති.
එබැවින් යුක්රේන සහ රුසියානු නියෝජිතයින් සටන් විරාමයකට මගක් සෙවීම සඳහා බ්‍රහස්පතින්දා 'සාම සාකච්ඡා' දෙවන වටයේ අසුන් ගත්හ. එම සාකච්ඡාවලින් කියෙව්ට අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැත. සටන් විරාමය ගැන තීරණයක් ලබාගන්නට නොහැකිවිය. පුටින් දිගටම සටන ගෙනයන බව දන්වා තිබුණි..

කෙසේ වෙතත්, රුසියාව යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට හෝ ඔවුන්ට ආධාර යැවීමට "මානුෂීය කොරිඩෝ" ලබා දීමට එකඟ වී ඇත. මෙම කරුණ සම්බන්දයෙන් පමණක් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව අල් ජසීරා වාර්තා කරයි .  

මානුෂීය කොරිඩෝව පිළිබඳ ගිවිසුමක් මගින් යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ විවිධ ප්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන් ඉක්මනින් ඉවත් කිරීමට කියෙව්ට ඉඩ සැලසේ. ඒ සමඟම ඔවුන්ට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා දීමට හැකි වේ.

රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සහ හිටපු සංස්කෘතික අමාත්‍ය ව්ලැඩිමීර් මෙඩින්ස්කි පැවසුවේ “මිලිටරි ගැටුම් පවතින ප්‍රදේශයේ සිවිල් වැසියන් බේරා ගැනීමට අපි තීරණය කර තිබෙනවා.

යුද්ධයක් ඇති වුවහොත් "මානුෂීය කොරිඩෝව" භාවිතා කරන ලෙස රුසියාව සිවිල් වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.  
රුසියානු හමුදා යුක්රේනයේ ප්‍රදේශ වටලා ගැනීමත් සමඟ අර්බුදය දින ගණනාවක් තිස්සේ උග්‍ර වෙමින් පවතී.
මෙම යුද්ධයේදී මිලියනයකට අධික ජනතාවක් දැනටමත් රට හැර ගොස් අසල්වැසි රටවල රැකවරණය ලබා ඇත.