Petroleum-supply-to-buckets-and-barrels-will-be-suspended

 ප්ලාස්ටික් බූලි වලට සහ බැරල් වලට ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින් ඉන්පසු ඒවා වැඩි
මිලට අලෙවි කරන බව වාර්තාවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි වලට සහ බැරල් වලට ඛනිජ තෙල් ලබාදීම අත්හිටුවන ලෙස ලංකා




ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම්කරුවන් වෙත දන්වා තිබෙයි.

මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන සියලුම බෙදුම් කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
 රථවාහන වලට වාහන වලට අමතරව බූලි වලට සහ බැරල් වලට ඉන්ධන ලබා දෙන බෙදුම්
කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද දැනුවත් කර ඇති බව දන්වා ඇත.

ජෙනරේටර් යන්ත්‍ර, කෘෂිකර්ම උපකරණ ආදියට තෙල් සැපයීමේදී මෙම නීතිය ගැටලුවක් බවට පත්වේ.


කෙසේ වෙතත් අයිඕසී සමාගම මෙම නිතිය තම ක්‍රියාත්මක කර නැත.