ඩීසල් නොමැතිවීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයට මේවනවිට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පෞද්ගලික බස් රථ ධාවනයෙ තවදුරටත් සීමාවී ඇති අතර, දිවයින පුරා ධාවනය සඳහා යොදවා ඇත්තේ පෞද්ගලික බස්රථ 4500 ක් පමණක් බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එසේ ඉන්ධන නොලැබුණ බවද ඔහු පැවසීය. ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්ථා සහ බස් රථය එක් ගමනාන්තයකට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යෑමට නොහැකි වූ අවස්ථාද විශාල ප්‍රමාණයක් ඊයේ (02) භාවිතා වූ බවද හෙතෙම කීය.
ඇතැම් බස් රථවලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය. බස් රථ රියැදුරන් සඳහා දිනකට රුපියල් 2500ක් සහ කොන්දොස්තරවරුන් සඳහා දිනකට රුපියල් 1500 බැගින් වැටුප් ගෙවීමටවත් බස් රථ හිමියන්ට අදායමක් නොලැබෙන බව ද හෙතෙම පැවසීය.
ඉන්ධන හිගයට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් පොදු ප්‍රවාහන සේවා මුළුමනින්ම අතර වී මගී ජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඩීසල් හිඟය හේතුවෙන් පිරවුම් හල් අසල ඩීසල් වාහන පෝලීම් ස්ථිර ලෙස පිහිටුවා ඇති රියදුරු මහතුන් වාහන නවතා දමා ගෙවල්වලට ගොස් ඇත්තේ යලි තෙල් බවුසරයක් පැමිණි පසු පෝලිමේ ස්ථානය ලබාගැනීමේ අටියෙනි. අනෙක් අතට ඔවුනට ඉන්ධන අවසන්ව ඇති නිසා
පාරේ වැඩිදුරක් ගමන් කරන්නට බැරිව අවදානමක්ද පවතින නිසා මෙලෙස පාරවල් අයිනේ රියදුරු නැති වාහන ලෙස නවතා තබා යන්නට සිදුව ඇත.
මෙම ගැටලුව හේතුවෙන් අදික වාහන තදබදයක්ද නාගරිකව මතුව ඇති අතර ඇතැම් වෙළෙඳ සල් වලට හා නිවාස හිමියන්ටද අපහසුතා මතුකර තිබේ.
0 Comments