ආර්යාවන් සමග සිටිමින් ජනාධිපතිකම් කරන සිරිතක් පුටින්ට නොතිබුණි. පුටින්ගේ පෞද්ගලික ජීවිතය ඔහුගේ රහස් ඔත්තු රස්සාව වැනිය. එය කාටවත් එළියට යනවාට ඔහු කැමති නැත.මෙතරම් ප්‍රකට ලෝක නායකයෙකුවී සිටියත් පුටින්ගේ හැටි එහෙමය.
විවාහයෙන් වසර 30 කට පසු රුසියාවේ ජනාධිපතිවරයා දික්කසාද වූ බව පවා සැඟවූයේය. ඔහුගේ දියණියන් දෙන්නා ගැන පවා නිසි තොරතුරු මාධ්‍ය තුළ වාරණය කර ඇත. ඔහු අනියම් ඇසුරක් පැවැත්වූ ජිම්නාස්ටික් ක්‍රීඩාකාවටද වූ දෙයක් දන්නේ නැත.
පුටින්ගේ පෞද්ගලික ජීවිතය අභිරහස් වලින් වැසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. එක් අතකට ඒවා අවශ්‍යත් නොමැත. ඔහුට අභියෝගයක් කරන්නට වෙනත් කිසිදු නායකයෙක් රුසියාවේ නැති කොට ඔහු පුද්ගලික ජීවිතය ජනප්‍රියත්වය සඳහා භාවිත කරගත්තේද නැත.
එක් වාර්තාවකට අනුව පුටින්ට දියණියන් දෙදෙනෙක් සිටිති දියණියන් දෙදෙනාම ව්‍යාජ අනන්‍යතාවයකින් හඳුන්වා විශ්ව විද්‍යාල වලට  ඇතුළත් කර ඇත.
මාධ්‍ය සමග හමුවකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සෑම විටම යමක් ගැන සාකච්ඡා කරයි. විටෙක සුඛෝපභෝගී ජීවිතය ගැන, විටෙක ඔහුගේ විනෝදාංශ ගැන, විටෙක ඔහුගේ මාලිගයෙන් ලීක් වූ ඡායාරූප ගැන කියයි. නමුත් පුටින් ගැන කවුරුත් පාහේ දන්නා නමුත් පුටින්ගේ පවුල ගැන දන්නේ අල්ප වශයෙනි. වාර්තාකරුව්න පැමිණිවිටපුටින් තම පවුලේ තොරතුරු සඟවන්නට සූක්ෂ්ම වෙයි.



මීට පෙර, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කොරෝනා එන්නත් කරන අවස්ථාවේ තම දියණිය සමඟ සාකච්ඡා කර ඇති බව කියන්නට සිදුවිය. දියණියගේ දියණියට ද එන්නත් ලබා දී ඇති බව ඔහු කියා තිබුණි. පුටින් තම දියණියන් කවුරුන්ද යන්න කිසි විටෙක හෙළි නොකළද, ඔහු පවසන්නේ ඔහුට දියණියන් දෙදෙනෙකු සිටින බවයි. පුටින්ගේ පවුල සෑම විටම අවධානයෙන් බැහැර වී ඇත.
පුටින් තම පළමු බිරිඳ දික්කසාද කර ඇති අතර එය පුටින් විසින්ම රූපවාහිනී නාලිකාවකින් ප්‍රකාශ කළේය. පුටින්ගේ හිටපු බිරිඳගේ නම ලියුඩ්මිලා ය. The Week පුවත්පතට අනුව ලියුඩ්මිලා විවාහයට පෙර ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ අතර එය එවකට ඉතා හොඳ රැකියාවක් ලෙස සැලකිනි. ඔවුන් දෙදෙනා මුණගැසුණේ 1980 දශකයේ මුල් භාගයේදී රඟහලකදීය. දෙදෙනාගේම මිතුරු ආරාධනා වලින් පසුව දෙදෙනා මිතුරන් බවට පත්ව විවාහය සිදුව ඇති බව වාර්තාවේ.
පුටින් සහ ඔහුගේ හිටපු බිරිඳ ලියුඩ්මිලාගේ පින්තූරයක් හුල්වරට 1983 ජූලි 28 වන දින පුවත්පතක පළ විය. විවාහයෙන් වසර 30 කට පසු 2013 දී පුටින් තම බිරිඳගෙන් වෙන්වීම නිවේදනය කළේය. ඔහු ඇගෙන් ඉවත් වූ පසු සිදුකළ විවාහයක් ගැන ආරංචි නැත. නමුත් ඔහු කලක් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා වල දැක්වුණි.

වාර්තාවකට අනුව, රුසියානු ජනාධිපති පුටින්ට ඔහුගේ හිටපු බිරිඳ වන ලියුඩ්මිලාගෙන් දියණියන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් මාරියා වොරොට්සෝවා සහ කැටරිනා ටිකෝනෝවා ය.
මරියා වොරොට්සෝවා 1985 දී ලෙනින්ග්‍රෑඩ් හි උපත ලැබූ බවත්, වසරකට පසුව, කැටේරි හි ටිකෝනෝවා 1986 දී ජර්මනියේ උපත ලැබූ බවත් සඳහන් වේ. දියණියන් දෙදෙනාම ඔවුන්ගේ ආච්චිගේ වාසගම නමින් නම් කර ඇත. මරියාගේ අන්වර්ථ නාමය මාෂා වන අතර කැටරිනාගේ අන්වර්ථ නාමය කැටියා ය.

1996 දී පුටින් සිය පවුල සමඟ මොස්කව් වෙත පදිංචියට ගිය අතර එහිදී ඔහුගේ දියණියන් ජර්මානු භාෂා පාසලකට ඇතුළත් විය. කෙසේ වෙතත්, පුටින් වැඩබලන ජනාධිපති වීමෙන් පසුව, ඔහුගේ දියණියන් 1999 දී පාසලෙන් ඉවත් කරගන්නා ලද අතර, පසුව ඔවුහු නිවසේ සිට ඉගෙනීමට පටන් ගත්හ.

Businessinsider පුවත්පතට අනුව, පුටින්ගේ දියණියන් දෙදෙනා ව්‍යාජ හැඳුනුම්පත් සමඟ නැවත විද්‍යාලයට ඇතුළත් කර ඇත. Vorotsova මුලින්ම ජීව විද්යාව සහ පසුව වෛද්ය විද්යාව හැදෑරීය. Tikhonova ආසියාතික අධ්‍යයනය ද හදාරා ඇත.

දැනට Vorotsova මොස්කව්හි වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර ජෝරිට් ෆාසන් සමඟ විවාහ වී සිටින බව වාර්තා වේ. ලැබී ඇති තොරතුරුවලට අනුව ඔවුන් දෙදෙනාට දරුවෙකුද සිටී. Tikhonova භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම ඇක්‍රොබැටික් රොක් ඇන්ඩ් රෝල් නර්තන ශිල්පිනියකි. ඇය මොස්කව් රාජ්‍ය විශ්ව විද්යාලයේ ෙදපාර්තමේන්තු ප්‍රදානියකු ලෙසද කටයුතුකරන්නියකි. ටිකෝනෝවා 2013 දී රුසියානු ප්‍රකෝටිපති කිරිල් ෂැම්ලොව් සමඟ විවාහ වූ නමුත් වසර පහකට පසු දෙදෙනා දික්කසාද වූ බවද වාර්තා විය.
පුටින්ගේ ජීවන රටාව අනුව ඔහුට පවුල් ජීවිතයක් සොයාගන්නට නැත. ඔහු තමන්ගේ දේශපාලන රහස් පවුලේ අය සමග බෙදාගත් අයෙකු නොවන අතර ඔහුට පවතින්නේ වෙනම ජීවිතයකි. මාළු බෑම ඔහුගේ ප්‍රියතම විනෝදාංශ අතරින් එකකි.






ජිනම්නාස්ටික් ශූරී Alina Kabaeva සමග පුටින් අනියම් ඇසුරක් පැවති බවට කලක් රාවයක් පැවතිනි.