Swarnavahini-withdraws-after-allegations-of-child-abuse-and-marketing

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණයවන වීඩියෝ පටයක පාසල් දරුවෙකුට ගුරුවරයෙක් දඩුවම් කිරීමට සූදානම් වන අවස්ථාවේදී තවත් දරුවෙකු සිය යහළුවාට නොව තමන්ට දඩුවම් කරන ලෙස ඉල්ලා සිටි දෙබසක් පළව තිබූ අතර මෙම වීඩියෝව එහි ඇති අමුතු අදහස නිසාම විශාල වශයෙන් පැතිර ගියේය.

දරුවන්ට දඩුවම්කිරීම මෙලෙස වීඩියෝ ගත කිරීම, පාසල තුළ සිදුවන දෑ පුද්ගලිකත්වය නොතකා වීඩියෝ ගත කිරීම, අනවසරයෙන් දරුවන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත අනවශ්‍ය අරුථකින් මුදාහැරීම යනාදී කරුණු රැසක් හේතුවෙන් මෙම වීඩියෝව ළමා හිංසනය යටතට ගැනෙන වරදක් ලෙස සාකච්ඡාවට ලක්වූ අතර එවැනි ආකල්පයක් තිබියදී රූපවාහිනී නාලිකාවක් මගින් මෙම දරුවාව සිය මැදිරියකට ගෙන්වා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදී සිද්ධිය ‘මාධ්‍ය අලෙවිකරණයක‘ යෙදවීමේ උත්සාහයක් ගැනද වාර්තා විය.



ප්‍රසිද්ධියේ සිදුවන ළමා හිංසනය මාධ්‍ය වෙත ගෙන්වීමට උත්සාහ කළේ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘හිත ඉල්ලන තරු‘ නමැති වැඩසටහනකටය.
ඉරිදා (27) රාත්‍රියේ එය ප්‍රචාරය කරන බවට නාලිකාවේ ෆේස් බුක් පිටුව මගින් ප්‍රචාරයක් දියත් කර තිබු අතර එහි සඳහන් වූයේ
‘ළමයින්ට ගහන්න එපා සර් මට ගහන්න‘
හිතට දැනුණු පුංචි පුතා දෙමාපියන් හා ගුරුවරුන් සමග හිත ඉල්ලන තරු තුළින්‘

ලෙසිනි.
එය ඉදිරිපත් කරන නාලිකා ප්‍රධානී නිවේදක රංගන ද සිල්වා මහතා හට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල විය.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා මේ ගැන විවේචනයක් දක්වමින් පවසා තිබුනේ,

“කූඹි පුම්කක මොළේ නැති
ස්වර්ණවාහිනිය🖕
පොලු අතින් ගත් ගංකබර ගුරුවරු👺
බයේ වෙව්ලන අහිංසකයා !🥲
තවත් ගොම්මංපිළල බෝ කරන්න එපා හරකුනේ !😎
හෙට ඉරිදා සවස හයට මං යූටියුබ් එකේ තොපේ රෙදි ගලවනවා.😱
එක්කෝ හෙළුවෙන් ප්‍රෝගැම් එක කරපියව්!💩
නැත්නම් සමාව ගනිව්.🙏
තොපි මේ රට කාපු මීඩියා මීහරක්.😝“

මීට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි ලිපියක් යොමු කර ඇති Child Protection Alliance මෙහිදී උල්ලංඝනය වන නීතිමය කරුණු සම්බන්ධයෙන් දන්වා තිබූ අතර වහාම පියවර ගන්නැයි ඉල්ලා තිබුණි.



මෙම තත්ත්වය යටතේ මාධ්‍ය නාලිකාවක ප්‍රසිද්ධිය පිණිස එම දරුවාව සජීවී වැඩසටහනකට ගෙන්වා ලෝකයටම නිරාවරණය කිරීම සම්බන්ධයෙන් එල්ලවූ විවේචන නිසාම ස්වර්ණවාහිනී නාලිකාවේ අදාළ වැඩසටහන අද (27) රාත්‍රී ඉදිරිපත් නොකර අතහැර දමන්නට තීරණය වී තිබේ. ඒ වෙනුවට රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ගෙන්වා රංගන ද සිල්වාගේ සුපුරුදු වැඩසටහන ගෙන ඒමට තීරණය කර ඇති අතර ඒ ගැන ඔවුන් සිය ෆේස්බුක් පිටුවෙන් දැනුවත් කර ඇත.
අදාළ සටහන් පහතින්