The-bigots-and-murmurs-of-the-frustrated-Russian-foreign-minister

යුක්රේනය සමග යුද්ධයක පැටලීමෙන් පසු තම රට අත්විඳින සම්බාධක හා ආසාධාරණකම් ගැන අමිහිරි අත්දැකීම් ඇතැයි පවසමින්
රුසියානු විදේශ ඇමති Sergeĭ Viktorovich Lavrov කලකිරීමෙන් කතා කළේය. ඔහු සම්පූර්ණ චෝදනාව බටහිර රටවල් හා බටහිර මාධ්‍ය වෙත පැවරීය.


ඔහුගේ කතාවට ඇහුම්කන් නොදී රාජ්‍යතාන්ත්‍රිකයින් පිටව යන දර්ශනද ලෝකය පුරා විකාශයවූ නමුත් ඔහු සිය කතාවේදී නගන තර්ක පිළිබඳ මේ වනවිට සංවාදයක් මතුව ඇත. ඔහු සිය කතාවේදී මෙම තර්ක ඉදිරිපත් කළේය.



▪️ යුක්රේන පාර්ශ්වය එක්සත් ජනපදයේ කැමැත්ත මත සාකච්ඡා ප්‍රමාද කරන බව පෙනී යයි.
▪️ යුක්රේනය න්‍යෂ්ටික අවි ලබා ගැනීමට සූදානමක් දැනී ඇති අතර ඊට රුසියාව ඉඩ නොදෙයි
▪️ ක්‍රිමියාව රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වන අතර එය ගැන මෙම මොහෝතේ අපට සාකච්ඡා කළ නොහැක
▪️ යුක්රේනයේ බලධාරීන් රටේ ජීවත් වන සියලුම ජාතීන් විසින් නියෝජනය කළ යුතුය සාකච්චාව එන්නේ රුසියානුවන් එහි නැති ගාණටය.
▪️ මොන සම්බාධක දැම්මත් රුසියාවට බොහෝ මිතුරන් ඇත, අප හුදකලා කළ නොහැක
▪️ යුද්ධය සමග විය හැකි දේ ගැන අපි දැන සිටියා. රුසියාව සම්බාධක සඳහා සූදානම්ව සිටියා. නමුත්, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ මාධ්‍ය සේවකයන්ට බලපෑම් කිරීම ගැන අපිට ඇතිවූනේ පුදුමයක්.ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟවලින් ඉවත් කිරීමට ජාත්‍යන්තර සම්මේලනවල තීරණවලට අභියෝග කිරීමට රුසියාව සැලැස්මක් සකස් කරමින් සිටිනවා.


▪️බටහිර සම්බාධක නොතකා චීනය රුසියානු ස්වාභාවික ගෑස් ආනයනය කිරීම සහ රුසියාව සමඟ නිරන්තර වෙළඳ සබඳතා පවත්වාගෙන යන බවට චීන විදේශ අමාත්‍යාංශය දන්වා ඇති අතර එය අපට සවියකි.
▪️රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් සීමාව වසා දැමීමට රටවල් ගණනාවක් ගත් තීරණය හේතුවෙන් තම රටට පියාසර කළ නොහැකි රුසියානුවන්ගෙන් බොහෝ ඉල්ලීම් තිබෙනවා. අපේ පිරිස් තැන් තැන්වල අසරණ කිරීම අසාධාරණයි.
▪️ මේ යනවිදිහට බටහිර උත්සාහ කරන්නේ අප තවත් කුපිත කරගැනීමටයි. මං අනාවැකියක් කියනවා..තුන්වන ලෝක යුද්ධය න්‍යෂ්ටික  එකක් වනු ඇත...
 
ඔහුගේ කතාව නො අසා අනෙක් රටවල් නැගිට පිටව ගියහ