The-manager-Kadawatha-girl-who-was-found-in-the-toilet-pit-of-Ocean-Villa-in-Panadura

ඊයේ උදෑසන පානදුර ප්‍රදේශයේ හෝටලයක වැසිකිළි වළකින් මතුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ අනුව වැඩිදුර තොරතුරු මේවනවිට අනාවරණය වෙමින් පවතී.
පානදුර පින්වත්ත ජෝන් කීල්ස් නිවාස සංකීරණ පාර අවසන් වන තැන මුහුද හා රේල් පාරට ආසන්නයේ පිහිටි
‘ඕෂන් විලා‘ නමැති කුඩා ප්‍රමාණයේ ‘ළැගුම් හළක්‘ වැනි හෝටලයක මෙම සිදුවීම සිදුව තිබුණි.
මෙම හෝටලය අසළ පුවරුවක ROOMS යනුවෙන් කුඩා පුවරුවක් සවිකර තිබෙන අතර එහි A/C Non A/C ,Swimming Pool,Beach Wadee,Restaurant & bar යනුවෙන් සටහන් කර තිබුණි.
කළමනාකරු හා සේවකයින්  කිහිපදෙනෙකු පමණක් සිටින කුඩා ප්‍රමාණයේ හෝටලයේ අයිතිකරු සිටින්නේ වෙනත් තැනකය. මේ හේතුවෙන් හෝටලයේ සිදුවන ඇතැම් සිදුවීම් අයිතිකරුට ආරංචි නොවේ.
ඊයේ කාන්තා මළ සිරුර ගොඩගන්නේ හෝටලයේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ල අනුවය.

වැසිකිලි වළක් අසළින් දුගඳක් හැමීම හා අලුත් පස් තිබෙනු දැක සිදු කළ පරීක්ෂාවකින් පසු ඔහුට ඝාතන සංසිද්ධිය ගැන සැකයක් ඇතිවී සොයා බලද්දී කළමනාකරු හා සේවකයින් දෙන්නෙකු පළායාම නිසා සැකය වඩාත් තීව්‍ර වූ නිසා පොලිසියට පැමිණිලි කරන්නට උනන්දු විය.
පොලිසිය පැමිණ කළ පරීක්ෂාවෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා මැදිහත්වී මළ සිරුර ගොඩගන්නා ලදි.
පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු එන් සිල්වා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කර සිරුර සොයා ගත්තේය.
මෙම තරුණිය,හෝටලයට පැමිණ ඇත්තේ පෙම්වතෙකු සමග යයි මුලින් ආරංචි වූවද පසුව වාර්තාවූයේ ඇයව රැගෙන ආවේ හෝටලයේ කළමණාකරු විසින්ම බවයි.
මේ ආකාරයට වරින්වර හෝටලයට කාන්තාවන් රැගෙන ඒම කළමනාකරු පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් තිබූ අතර ඇය සමග පහස විඳ හෝටලයේ හිත මිතුරු සේවකයින් දෙන්නෙකුටද ඇගේ පහස විඳගන්නට ඔහු අවස්ථාව සලසා ඇති බව පැවසේ. මේ ආකාරයට අවස්ථා කිහිපයකම ඇයගේ පහස ලබමින් දින දෙකක් පමණ තරුණියව හෝටලයේ රඳවාගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී.
ඇය ඝාතනය වූයේ කවර හේතුවකටදැයි පැහැදිලි නැති අතර ඇය දැක්වූ විරෝධයක් මත ඝාතනය සිදුවන්නට ඇතැයි සැක කෙරේ.
ඝාතන සිද්ධියෙන් පසු කිසිවෙකුට නොදැනෙන්නට හෝටලයේ වැසිකිලි වළේ ආසන්න පස් ඉවත් කර ස්ලැබ් එකක් විවර කර කාන්තාවගේ සිරුර ඒ තුළට දමන්නට කළමණාකරු හා සේවකයින් කටයුතු කර තිබෙන අතර මේ ගැන කාටත් එළිවේ යයි මුලින් කල්පණා කර නැති බව ලැබී ඇති සාක්ෂි අනුව අනාවරණය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුට ඇතිවූ සැක මත ඒ ගැන කරුණු විමසද්දී නිරුත්තරවී ඇති කළමනාකරු හා සේවකයින් පසුදාම අතුරුදන්ව තිබුණි.
පළාගිය කළමනාකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළාගිය අනෙක් සේවකයින් පිළියන්දල සහ බොරලැස්ගමුව පදිංචි අය විය.


තරුණිය 26 හැවිරිදි වියේ පසුවන්නියක වූ අතර කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
 අඩි 5 ක් පමණ උසැති මෙම කාන්තාවගේ වම් අතේ මැණික් කටුව අසල පච්චයක් කොටා තිබූ බවත් කළු පැහැති ඩෙනිම් කලිසමක් හා කළු පැහැති ටීෂර්ටයක් ඇය ඇද සිටි බවත් පොලිසිය කියයි.
වැසිකිළි වළේ තිබී ඇගේ යයි සැක කරන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිස්සක් සහ රෙදි කැබලි කිහිපයක්ද සොයාගෙන තිබේ.
 ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මෙහෙයුමේදී  පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි සේවකයින් දෙන්නා අත්අඩංගුවට ගන්නට ඊයේම හැකි විය.කළමණාකරු සොයා මෙහෙයුම ක්‍රියාත්මකය.
මියගිය කාන්තාව කඩවත සිට ආ නමුත් කවුරුන්ද යන්න ඊයේ සවස් වනතුරුත් හෙළිවී නොතිබිණි.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.