The-refinery-will-be-closed-again-from-the-20th-of-this-month

බොරතෙල් තොග අවසන් වෙමින් තිබෙන බවත්, මේ මස 20වැනිදා සිට නැවත වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත් තෙල්, වරාය, විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. බොරතෙල් ගෙන්වීමට කටයුතු කර නොමැති නිසා දින නියමක් නොමැතිව පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත්, එහෙත් තෙල් සංස්ථාවේ සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා මාසයකට රුපියල් කෝටි 16ක මුදලක් වැය කිරීමට සිදුවන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. බොරතෙල් නොමැති වීම නිසා මේ වසරේ ජනවාරි 08 වැනිදා සිට පෙබරවාරී 03වැනිදා දක්වා මාසයක කාලයක් පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවත්,

පසුගිය වසරේ නොවැම්බර් 15වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වාත් පිරිපහදුව වසා දැමීමට සිදු වූ බවත් හෙතෙම පවසා සිටියේය.

බොරතෙල් ගෙන්වීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ ආකාරයට වරින් වර පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත්, පිරිපහදුව වසා දැමීමට කටයුතු කළත් අදාළ කාලය තුළද පිරිපහදුවේ නඩත්තු කටයුතු සිදුකිරීමට සිදුවීම  ඒ නිසා සේවකයන්ට අතිකාල ගෙවීමට සිදුවන බවත් පවසා සිටි. ආනන්ද පාලිත මහතා, මීට අමතරව ආරක්‍ෂක කටයුතු හා අනෙකුත් කටයුතු සාමාන්‍ය පිරිදි සිදුකළ යුතු බවද සඳහන් කළේය. එසේම පිරිපහදු කටයුතු නවතා දැමීමත් සමග රටට දෛනිකව අවශ්‍ය වන භූමිතෙල් මෙට්‍රික්ටොන් 500ක ප්‍රමාණය වෙනුවට ගුවන්යානා ඉන්ධන ලබාදීමට සිදුවන බවත්,

ඒ තුළින් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බවත් ප්‍රකාශ කළ ඒ මහතා,

විදුලිබලාගාරවලට ලබාදෙන දැවිතෙල් මෙට්‍රික්ටොන් 2,000ක ප්‍රමාණයක්ද අහිමි වන බවද පවසා සිටියේය.මේ නිසා දැවිතෙල් වෙනුවට ඩීසල් ලබාදීමට සිදුවන බවත්, පිරිපහදුව නවතා දැමීමත් සමග නැප්තා ඉන්ධන නිෂ්පාදනය නැවතී යන නිසා නැතා භාවිත කරන විදුලිබලාගාරවලටත් ඩීසල් ලබාදීමට සිදුවන බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. පිරිපහදුව වසා දැමීමත් සමග ඩීසල් මෙට්‍රික් ටොන් 1,200ක් නිෂ්පාදනය කිරීමත් නැවතී යන බවත්, මේ අනුව පිහසුවෙන් ලබාගත් සමස්ත ඉන්ධන ප්‍රමාණයම පීරිපහදු ඉන්ධන ලෙස මෙරට රැගෙන එම සිදුවීමෙන් දිනකට ඩොලර් ලක්‍ෂ 05 පමණ අමතර වැය බරක් දැමටත් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


 (ඉන්දික හේවාවිතාරණ)-