covid19-government
ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය කරමින් ඩොලරයේ අගය වෙළඳපොළ අගය මත පා කිරීමත් සමග ඊයේ (08දා) දිනයේදී මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක්ම ඩොලරයක් සඳහා නියමිත වටිනාකම් ගෙවීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් මෙරට ක්‍රියාත්මක "ඇතැම් විදේශ මුදල් හුවමාරු ආයතන කිහිපයක්ම ඊයේ දිනය තුළදී ඩොලරයක් සඳහා රුපියල් 250ක පමණ මුදලක් ගෙවීමට ඉදිරිපත් වන ආකාරය ද දැකගත හැකි විය. ගත වූ කාලසීමාවේදී මෙරට වෙත විදේශ විනිමය. පැමිණීමේ ගැටලුව සඳහාද ඉහළ බලපෑමක් එල්ල කළේ මෙලෙස ඇතැම් විදේශ  මුදල් හුවමාරු ආයතන හරහා මහබැංකුවේ අනුමත විනිමය අනුපාතයට වඩා වැඩියෙන් ගෙවීම් සිදු කිරීමය. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හරහා කරුණු වාර්තා කළේය. එසේම පසුගියදා නිවේදනයක් නිකුත් කළ මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අවසරයකින් තොරව විදේශ මුදල් විකිණීම හෝ හුවමාරු කිරිම තහනම් කෙරෙන බව සඳහන් කර තිබුණි.

ඒ අනුව එවැනි අනවසර විදේශ මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වින්දේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමක් සිදු කළ යුතු බව සඳහන් කළේය. ඒ සඳහා 0112398827, 0112477375 සහ 0112398568 යන දුරකථන අංක ප්‍රසිද්ධ කර තිබේ.