ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ලිට්රෝ ගෑස් නැව් දෙකකට ඊයේ (16 දා) වනවිට ප්‍රමාද ගාස්තු ලෙස අමතර රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී ඇත.
ලිට්රෝ සමාගම විසින් ඇණවුම් කරන ලද ගෑස් මෙටි්රක් ටොන් 3500 බැගින් රැගත් නැව් දෙකක් මෙරට මුහුදු සීමාවට ළ`ගාවී ඇතත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා දින 12 ක් පමණ වරායේ නවතා ගෙන ඇත.
මෙම එක් නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඇමරිකන් ඩොලර් 18,000 ක් ගෙවීමට සිදුවන අතර නැව් දෙකට ඇමරිකන් ඩොලර් හාරලක්ෂ තිස්දෙදහසක් (4,32,000) ගෙවීමට සිදු වේ.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය අංගනයේ තිබූ ගෑස් තොගද පෙරේදා (15 දා) වනවිට අවසන් වෙමින් තිබූ බවත් තිබෙන ගෑස් තොග අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කෙරෙන බවත් එම සමාගමේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර ණයවර නිකුත් නොකිරීම නිසා හම්බන්තොට වරායේ ලාෆ් ගබඩාවල පවතින ගෑස් තොග බෙදාහැරීම සිදු කළ නොහැකි යැයි එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා පැවසීය.
මේ වනවිට ඇණවුම් කර තිබෙන ගෑස් තොගය හම්බන්තොට වරායේ ගබඩා කර තිබෙන බැවින් ණයවර ලිපි නිකුත් කරන්නේ නම් අද (17 දා) සිට ගෑස් ටැංකිවල පුරවා බෙදාහැරීම් සිදු කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
0 Comments