Trinity-rugby-match-defeat-after-hit-woman-in-the-umpire

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාල අතර ආර්.එස්. ද සේරම් පළිහ වෙනුවෙන් පැවති රග්බි තරගයේදී ශාන්ත තෝමස් පිල ජයගත් අතර එහි ඇතැම් විනිශ්චයන් ගැන ප්‍රේක්ෂකයින් සෑහීමකට පත්වී නොතිබුණි. ත්‍රිත්ව ක්‍රීඩක තිදස් තන්ත්‍රීගේට කහකාඩ්පතක් පෙන්වා ඔහුව ඉවත් කිරීම එම ගැටලුකාරී විනිශ්චයක් බව කියැවේ.


තරගය  අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර යම් නොසන්සුන්තාවක් පැවතිණ. එහිදී ත්‍රිත්ව විදුහලේ ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමටද උත්සාහ ගෙන ඇතැයි වාර්තා විය. ශාන්ත තෝමස් පිලට ජය ගෙන එන්නට මග සකසා දුන් විනිසුරු වෙත පැමිණි කාන්තාවක පිරිස අතරන් රිංගා විනිසුරුට කණේ පහරක් එල්ල කරන අයුරු වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

මෙම සංසිද්ධියෙන් පසු තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉසුරු පෙරේරා (ප්‍රධාන විනිසුරු), ගිහාන් යටවර (පළමු සහයක විනිසුරු) සහ ප්‍රදීප් ඉන්දික (දෙවැනි සහයක විනිසුරු) යන මහත්වරු නිලධාරීන්
පිරිසකගේ රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගෙන ගිය බවද වාර්තා විය. ත්‍රිත්ව ක්‍රීඩක තිදස් තන්ත්‍රීගේ විසින් පහරදීම කරන කාන්තාව සමග කතාබහ කරන අයුරු හා ඇයට ඉක්මණින් පිටව යන්නට කියන අයුරුද වීඩියෝ වල දැක්වේ. මෙම කාන්තාව ක්‍රීඩකයෙකුගේ සොයුරියක බවටද ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමක සේවය කරන නිලධාරිනියක බවටද ආරංචි පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑ විනිසුරුවරයා පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත. Video Below