Womens-World-Cup-tomorrow-without-Sri-Lanka-after-25-years

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් 12වැනි වරට සංවිධානය කරනු ලබන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේදී හෙට (04දා) ආරම්භ වේ. එක්දින කාන්තා ලෝක කුසලානයකට නවසීලන්තය සත්කාරකත්වය ලබාදෙන තෙවැනි අවස්ථාව මෙයයි.



සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බ.ඉ. කොදෙව්, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය ලෙස කණ්ඩායම් 08ක් මෙවර ලෝක කුසලාන වරම් හිමිකරගෙන සිටියි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම අවස්ථාව අහිමි වූ අතර, ඔවුන් නොමැති කාන්තා ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ වසර 25කට පසුව වීම සුවිශේෂී වෙයි. එංගලන්තයේ සත්කාරකත්වය යටතේ 1973  වසරේදී පළමු එක්දින කාන්තා ලෝක කුසලානය ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව 1997 වසරේදී පළමුවරට සහභාගි විය. එතැන් සිට 2017 වසර දක්වා වූ සෑම ලෝක කුසලානයකටම ශ්‍රී ලංකාව සහභාගී විය.

මෙම ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක් වූ ඉහළම දක්‍ෂතාව 2013 වසරේ 05වැනි ස්ථානය දිනාගැනීම වෙයි. ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවති එම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලෝක ශුර එංගලන්තය මෙන්ම සත්කාරක ඉන්දියාව පවා පරාජය කළේය. එමෙන්ම 05වැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමද පරාජය කිරීමට සමත් විය.කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයට කණ්ඩායම් තෝරා ගන්නා කාලසීමාව වන විට ශ්‍රී ලංකාව කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පහළ  ස්ථානයක පසු වූ අතර,

ඒ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කර පැමිණිය යුතු විය.

2021 වසරේ නොවැම්බර් මාසයේ සිබාවේ දේශයේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැවැත්වුවද, එය පැවැත්වෙමින් තිබියදී සිම්බාව්වේ ඇතුළුව අප්‍රිකානු කලාපය තුළ 'කෝවිඩ්-19" හිස එසවීමත් සමග තරගාවලිය අතරමග නවතා දැමීමට අයි.සී.සී.යට සිදුවිය.ඒ හේතුවෙන් එම තරගාවලිය ක්‍රීඩා කරන විට ශ්‍රී ලංකාවට වඩා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටි බංග්ලාදේශය, පාකිස්තානය සහ බ.ඉ. කොදෙව් යන කණ්ඩායම් ත්‍රිත්වයට පමණක් ලෝක කුසලාන වරම් හිමිකර ගැනීමට අවස්ථාව උදාවිය.

මෙවර ලෝක කුසලානයට අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරග 3ක් ඇතුළත්ව ඇත. තරගාවලියේ තරග ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල්, ඕක්ලන්ඩ්හි ඊඩින් පාර්ක්, මවුන්ට් මවුන්ගනේහි බේ. ඕවල්, හැමිල්ටන්හි සේඩන් පාර්ක්, වෙලිංටන්හි බේසින් රිසව් හා ඩුනේඩින්හි යුනිවර්සිටි ඕවල් යන ක්‍රීඩාංගණ 06 හි පැවැත්වීමට සැලසුම් කර ඇත.ම

ෙහි අවසන් මහා තරගය එළඹෙන අප්‍රේල් මස o3වැනිදා ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.මෙම තරගාවලිය මීට පෙර පසුගිය 2021 වසරේ පෙබරවාරි හා මාර්තු මාසයහි පැවැත්වීමට නියමිතව තිබූ අතර, 'කෝවිඩ්-19 හේතුවෙන් එය වසරකින් කල් දැමීමට අයි.සී.සී. යට සිදුවිය.


(සංජීව ධර්මරත්න)