මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 500ක සෝලා බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවද එම බලාගාරය ඉදිකළ පසු විදුලිබල මණ්ඩලය විසින් ඉන් විදුලිය මිලට ගන්නා බවද ඒ මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, මෙගාවොට් 50ට වැඩි සූර්ය, ෆ්ලෝටින් සහ ඔෆ්ෂෝ යන බලාගාර මෙරට ඉදිකිරීම සඳහා විදුලිබල අමාතශය විසින් පුවත්පත් සහ වෙබ් දැන්වීම් යනාදිය තුළින් ලොව ආයෝජකයන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.ඒ අනුව ඊට ප්‍රතිචාර ලෙස මේ වනවිට ඉල්ලුම්පත්‍ර 400 ගණනක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඉඩම් සතු ආයෝජකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීම මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත්,
අදානි සමාගම යනු ඉන් තෝරාගත් එක් සමාගමක් වන බවත් පැවසීය.
0 Comments