afgan-cricket

රහ්මනුල්ලා ගුර්බාස්ගේ විශිෂ්ට ශතක ඉනිමත්, රෂීඩ්. ඛාන්ගේ දක්‍ෂ පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය. කඩුලු 07කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වුයේ බංග්ලාදේශයටයි. බංග්ලාදේශයේ චිතගොංහිදී පෙරේදා (28දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඒ බංග්ලාදේශය ඉනිම පන්දුවාර 46.5කදී ලකුණු 192කට සීමා කිමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී තරගකාරී මට්ටමකට ඉනිම ඔසවා තැබූ ලිටන් දාස් ලකුණු 86ක් රැස් කළේය. පන්දු යැවීමේදී රෂීඩ් බාන් ලකුණු 37කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය පන්දුවාර 40.1කදී ලකුණු 193/3ක් රැස් කරමින් ජයග්‍රාහී කඩයිම පසුකර යාමට සමත් විය. කණ්ඩායම දිනවමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රනුලා ගුබ්බාස් නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය. ලංකා ප්‍රිමියර් ලීගයටද ක්‍රීඩා කරන 20 හැවිරිදි ගුර්බාස්ගේ තෙවැනි ශතකය මෙය වෙයි.මෙම තරගාවලිය අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැති අතර,

ඒ අනුව මෙම ජයත් සමග එම තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ 07වැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයට 04වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය. කෙසේ නමුත් ඔවුන්ගේ මෙම නැගී සිටීමත් සමග ශ්‍රී ලංකාව මේ වන විට 06වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මෙහි පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශයයි.


( විශ්ව මුදියන්සේ)