ඉදිරි උත්සව සමයේදී ගමන් බිමන් යාම පිළිබඳව ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි තොරතුරු උපයෝගී කරගෙන ජාවාරම්කරුවන් නිවෙස් බිඳ කොල්ලකෑම් සිදුකළ හැකි බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ත්‍රිරෝද රථවලින් හා යතුරුපැදි මගින් නගරවලට හෝ වෙනත් ස්ථානවලට ගමන් කළ පසු එය ආරක්ෂිත ස්ථානවල පමණක් නතර කරන ලෙසත්, අදාළ ස්ථානවල නවතා යාමේදී ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් යතුරුපැදි හා ත්‍රිරෝද රථ සොරා ගැනීම සිදුකළ හැකි බැවින්, අදාළ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටී.
මීට අමතරව ගමන් බිමන් යාම පිළිබඳව හෝ ගමන් බිමන් ගිය පසු අදාළ ස්ථාන පිළිබඳව ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළ කිරීමෙන්, සමාජ මාධ්‍ය ජාලාවල හා මුහුණු පොතේ මිතුරන් ලෙස පෙනී සිටින ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ ජවාරම් ක්‍රියා සිදුකිරීමට පහසුවක් වන නිසා, අදාළ තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට එකතු කිරීමෙන් වැළකී සිටින ලෙසද ඉල්ලා සිටියි.
0 Comments