අසල්වැසි පාසලක ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර එය සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙකු ඊයේ (2) අම්බලන්ගොඩ මාදම්පාගමදී සැකපිට ප්‍රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවී පරිගණක විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට පත් සැකකාර ශිෂ්‍යයා වැඩිදුර පරික්ෂණ සඳහා අම්බලන්ගොඩ පොලීසියට භාරදුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අදාළ ශිෂ්‍යාවගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් නිර්මාණය ඇති වීඩියෝ පට දර්ශන ඇතුළත් ජංගම දුරකථන සැකකාර පාසල් ශිෂ්‍යයා ඉගෙනුම ලබන පාසල් හා ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසල් සිසුන් අතර ඇති බවත් එලෙස හඳුනාගත් සිසුන් තිදෙනෙක් මේ පාසල් දෙක් සිටින බවත් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමට නියමීත බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේත්තුව පවසයි.
සිද්ධියට සම්බන්ධ පාසල් ශිෂ්‍යාවද අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයාවක් බවත් ඇය අසල්වැසි පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන එම ශිෂ්‍යයා සමග නිරුවත්ව කරන ලද ප්‍රේම ජවනිකා වීඩියෝ කළ ප්‍රේමවන්තයා තරහ වීමෙන් පසු මිතුරන්ට මුදාහරිමෙන් මේ අසභ්‍ය වීඩියෝ පටය නිර්මාණය වන්නට ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අම්බලන්ගොඩ පොලීසිය සැක කරයි.
අදාළ වීඩියෝ පටය අත තිබූ සැකකාර ශිෂ්‍යා විසින් වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් තර්ජනාත්මකව සිසුවියට යම් යම් බලපෑම් කොට ඇති බව අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබද වැඩිඳුර පරික්ෂණ පවත්වයි.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)-
0 Comments