අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයකු පෙරේදා (25) සිය මෝටර් රථ තුළදීම මිය ගොස් ඇතැයි අතුරුගිරි පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ පදිංචි 85 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
මියගිය තැනැත්තා 26 දා උදෑසන 8.30 පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීම සඳහා වෑන් රථයකින් පැමිණ ඇති අතර, ටික වේලාවක් යන තුරු නවතා තිබූ ස්ථානයෙන් වාහනය ඉවත් නොකිරීම නිසා අවට සිටි අය විපරම් කිරීමේ දී ඒ තුළ සිටි තැනැත්තා වාහනය තුළම සිහිසුන්ව ඇද වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය කීය.
පසුව අසල්වාසීන් එක්ව සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි. ඒ අනුව මියගිය අයගේ ඥාතීන් කැඳවා තොරතුරු ලබා ගැනීමේ දී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඔහු හෘද රෝගයකින් පෙළෙන්නකු බවයි.
සිද්ධිය වන අවස්ථාවේ දී ඉන්ධන පිරවුම්පල් හලෙහි කිසිදු තදබදයක් හෝ තිබී නොමැති බව ද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙයි.
0 Comments