basil-usa

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන අප්‍රේල් මාසයේදී නැවත වතාවක් ඇමරිකාව බලා පිටත්ව යෑමට සූදානමක් ඇති බව වාර්තා වේ.



බැසිල් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගිය අතර ඊට පෙර මැයි මාසයේදී ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් ඇමරිකාවට ගියේය. නමුත් පසුව වාර්තා වූයේ ඔහුගේ දියණියගේ දරු ප්‍රසූතිය සඳහා ඔහු එහි ගිය බවයි.

මෙවර මුදල් ඇමැතිවරයා වොෂින්ටනය බලා පිටත් වන්නේ රට තුළ ඇති වී ඇති උග්‍ර මූල්‍ය අර්බුදයට විසඳුම් සොයා ගැනීම සඳහා බව පැවසේ. මෙහිදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග සාකච්ඡා කරනු ඇත. මෙම සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති අතර බොහෝ විට මෙම සාකච්ඡා සාර්ථක විය හැකි බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.



සාකච්ඡා සාර්ථක වුවහොත් පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසියම් පැකේජයක් ආණ්ඩුවට ලැබෙනු ඇතැයි ආණ්ඩුව තරයේ විශ්වාසය තබා ගෙන සිටී.