"මම ඇත්තටම සතුටුයි අපි මේ මොහොතේ ජීවත්ව ඉන්න එක ගැන. මගේ ස්වාමියාත් ජීවත්ව සිටිනවා. ඔහු දැන් මා සමගයි. අපි අපිට හැකි උපරිමයෙන් සතුරන් පලවා හරිමින් අපේ භූමිය ආරක්ෂා කරගනිමින් ජයග්‍රහණය කරගන්නවා.” ලෙසියා පවසයි.මෙහිදී ලසියා හමුදා ඇඳුමින් සැරසී මල්කළඹක් අතෙහි දරාගෙන මෙම අවස්ථාවට සහභාගි වී තිබේ. මෙම විවාහ මංගල්‍යය දැකගැනීම සදහා එම අවස්ථාවේ එහි සිටි හමුදා සෙබළුන් ඇතුළු පිරිසක්ද සහභාගි වී ඇත.
එසේම අගනුවර නගරාධිපතිවරයා වන විටාලි ක්ලිටිෂ්කෝ සහ ඔහුගේ සහෝදරයා වන යුක්රේනයේ ජනප්‍රිය බොක්සිං ක්‍රීඩක විලැදිමිර්ද මෙම අවස්ථාවට පැමිණ අලුත විවාහ වූ යුවලට සුභපැතුම් ලබා දී ඇත.කෙසේ වෙතත් මෙම විවාහය සිදුවන අවස්ථාව වනවිටත් ලෙසියා සහ වැලෙරී හට වයස අවුරුදු 18ක
දියණියක්ද සිටින බවත් ඒ අය මෙම අවස්ථාවට සහභාගි නොවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
0 Comments