වර්තමානයේදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන සුප්‍රසිද්ධ Tesla සමාගමේ හිමිකරුවා වන එලෝන් මස්ක් තමන් සමගින් ද්වන්ද සටනක් සදහා පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් හට අභියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මස්ක් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම විවෘත අභියෝගය සිදුකර තිබේ. "තනි තනිව සිදුකරන සටනක් සඳහා මම ජනපති පූටින්ට අභියෝග කරනවා. ඔබ මේ සටන භාරගන්නවාද?" යනුවෙන් එහි සටහත්ව ඇත. එහිදී දෙදෙනා අතර සටන් ඔට්ටුව සඳහා ඔහු ඉදිරිපත් කර ඇත් යුක්රේනයයි. මෙහිදී මිලියන 77කට අධික ම ගේ ට්විටර් පරිශීලකයන් අතරින් අයෙකු, මෙය මස්ක් සැබෑවටම සිදු කරන්නක් දැයි විමසා ඇති අතර, ඊට පිළිතුරු දී ඇති මස්ක් "ඔව්. එය සැබෑවක්ම” බව ස්ථිරව පවසා ඇත. "පූටින්ට පුළුවන් නම් යුරෝපය පහසුවෙන් අවම කරන්න. ඔහු මේ අභියෝගය භාරගන්න වෙනවා. ඒත් ඔහු ඒ අභියෝගය භාරගන්නේ නෑ.”
යනුවෙන් මස්ක් එහිදී සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මස්ක්ගේ මෙම අභියෝගය සම්බන්ධයෙන් ඊයේ දිනය තුළදී රුසියානු ජනාධිපති කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි. රුසියාවේ යුක්රේන ආක්රමණයේ ආරම්භයත් සමග යුක්රේනය සමග එකට සිටි ලොව මුල් පෙළේ චරිතයක් ලෙස එලෝන් මස්ක් හදුනාගැනුණි. එහිදී ඔහු රුසියානු ප්‍රහාර හමුවේ බිඳ වැටුණු යුක්රේන අන්තර්ජාල සබදතා යළි පිහිටුවීම සඳහා සිය SpaceX සමාගම යටතේ ක්‍රියාත්මක Starlink අන්තර්ජාල පහසුකම් එරට වෙත ලබාදීමට පියවර ගත්තේය . එසේම අවස්ථා ගණනාවකදීම ඔහු යුක්රේනය වෙනුන් ට්විටර් සටහන් තබා ඇති අතර, එක් අවස්ථාවකදී " යුක්රේනය ශක්තිමත්ව සිටින්න" යනුවෙන් සහ තවත් අවස්ථාවකදී "මෙවැනි තත්වයක් බලාපොරොත්තු නොවූ රුසියානු ජනතාවට මගේ සාතිශය කනගාටුව" යනුවෙන්ද සටහන් කර තිබුණි.
0 Comments