Pakistani-madrassa-teacher-killed-on-orders-issued-in-a-dream-for-insulting-Islam

ආගමට අපහාස කිරීමේ නාමයෙන් සිදුවූ  තවත් ඝාතනයක් පාකිස්ථානයෙන් වාර්තාවී තිබේ. මෙවර ඝාතනය සිදු කර ඇත්තේ පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් හි මද්‍රසා පාසලේ ගුරුවරියන් තිදෙනෙකි. අඟහරුවාදා තම සහායිකාවක දේව අපහාස චෝදනා මත ඔවුන් තිදෙන එක්වී ඝාතනය කළහ. පුදුමයට කරුණක් නම්, මියගිය  21 හැවිරිදි කාන්තාවට ආගමික අපහාස චෝදනාව එන්නේ  ‘සිහිනයක් පදනම් කරගෙන‘ වීමය.



පකිස්ථානයේ The Dawn පුවත්පතට අනුව මෙම සිදුවීම සිදු කර ඇත්තේ Jamia Islamia Falahul Binat හි ය. පොලිසිය එම ස්ථානයට පැමිණ බලන විට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ලේවලින් වැසී ගොස් ඇති අතර ඇයගේ ගෙල කපා තිබූ අයුරු දැකගත හැකි විය. ඉන් පසු සියලු සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

චූදිත ගුරුවරියන් පිළිවෙලින් අවුරුදු 17, 21 සහ 24 යන වයස්වල පසුවන්නන් වේ. ඔවුන් 21 හැවිරිදි වින්දිතයා ඝාතනය කළේ ‘ආගමික ප්‍රශ්නවල වෙනස්කම්’ සහ අපහාස කිරීමේ චෝදනාව මත ය. පකිස්ථාන වාර්තාවන්ට අනුව මියගිය කාන්තාව ප්‍රසිද්ධ ආගමික විශාරද මවුලානා තරික් ජමීල්ගේ අනුගාමිකයෙකු වන අතර ඇයට චෝදනා එල්ල වූ කාන්තාවන් ඇය ඇගම සම්බන්ධ කියූ දේකට අකමැතිවී වාද කර ඇත. පසුව මෙම තිදෙනාගෙන් එක් අයෙකුගේ නිවසේ 13 හැවිරිදි ඥාති දැරියක සිහිනයක් දැක ගුරුවරියට පවසා ඇත්තේ ආගමික අපහාස සිදුවූ තැනැත්තිය මරාදමන ලෙස තමන්ට දෙවියන් සිහිනයෙන් කියූ බවයි.



දැරිය පැවසීමෙන් පසු එය ආගමට අපහාස වන කාරණාවක් යයිද මරා දැමිම ගැන දේව පණිවිඩ ලැබී ඇතැයිද ගුරුවරියන් තීරණය කර ඇත.
 චූදිත කාන්තාවන් දකුණු වසිරිස්තානයේ ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ජීවත් වන Mehsud ගෝත්‍රයට අයත් වේ.

මෙම සිද්ධියෙන් පසුව, Wafaqul Madaris Al Arab Pakistan, Madrassas මණ්ඩලයක්, මෙම ඝාතනය හෙළා දකිමින්, එය "අවාසනාවන්ත" එකක් ලෙස හඳුන්වා ඇත. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

පසුගිය වසරේදී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර  පාකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රසිද්ධියේ පණපිටින් පුළුස්සා දමනු ලැබුවේ දේව අපහාස කිරීමේ චෝදනාව මතයි.